පාර්ලිමේන්තුවේදී අර්ජුනගෙන් තිලංගට වාග් ප‍්‍රහාරයක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සිදුව ඇති හොරකම් සෙවීම සදහා අතුරු කමිටුවක් පත්කරන ලෙසත් ඉදිරියේදී චූදිතයන්ට දඩුවම් ලබාදිය යුතු බවත් අර්ජුන රණතුංග මහතා පවසයිග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක‍්‍රීඩා පනත විවාදය ගැනුණ අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කර සිටියේය.

‘මෙම පනත මගින් තරග පාවාදීම්ල දුෂණ විරෝධීන්ල ඔට්ටු ඇල්ලීම් වෙනුවෙන් විශේෂ විමර්ශන එ්කකයක් පිහිටුවීම ඉතා හොද දෙයක්. වසර ගණනාවක් පුරා ක‍්‍රිකට් තරගවල තරග පාවාදීම් සහ ඔට්ටු ඇල්ලීම් සිදුවන්නේ සංගම් පාලනය කරන මුදලාලිගේ මූලිකත්වයෙන්. මෙයින් අවසානයේදී එවෙනුවෙන් ක‍්‍රීඩකයන් ගොදුරු වෙනවා.

ක‍්‍රීඩාව වෙනුවෙන් තහනම් උත්තේජන සහ බුකීකරුවන්ව ක‍්‍රීඩාවෙන් ඉවත් කිරීමට නීති ගෙන එ්ම සම්බන්ධයෙන් සතුටු වන බවත් ග්ලෙන් පාමර් කියන පුද්ගලයා බුකී කරුවන් සමග කළ ගනු දෙනු සම්බන්ධයෙන් හෙළි කර ඇති බවත් අර්ජුන රණතුංග මහතා පවසයි.

2015 දී අපේ ආණ්ඩුවක් යටතේ ක‍්‍රීඩාව දියුණු වෙයි කියලා බලාපොරොත්තු වුණත් අවාසනාවකට එ් තත්ත්වයට යන්න පුළුවන් වුණේ නැහැ. ක‍්‍රිකට් පරිපාලනයට බුකීකරුවන්ට එන්න ඉඩ ලබාදුන්නේ ක‍්‍රීඩා ඇමැතිවරුන්. හිටපු ක‍්‍රීඩා ඇමැතිවරුන් නිහ`ඩ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ ඔවුන්ට තියෙන වාසිදායක තත්ත්වයක් නිසාග මිලියන 120 ක් ලබාදීලා තියෙනවා හෙට්ටිපොල ක‍්‍රීඩාංගණයක් හදන්න.

‘ක‍්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික තනතුරට පත්වන්නේ වරලත් ගණකාධිකාරයෙක් පමණයිග නමුත් 2015 න් පසුව එ් නීතිය නැතිව කිසිම සුදුසුකමක් නැති අයව භාණ්ඩාගාරික කළාග හිටපු ක‍්‍රිකට් සභාපතිගේ පුවත්පතේ හිටපු කෙනෙක්ට ක‍්‍රිකට් මූල්‍ය ආයතනයේ ප‍්‍රධානියා කළා. අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයෙන් අපේ ක‍්‍රීඩකයන් තරග පාවුදුන් අයුරු වීඩියෝවක් ක‍්‍රීඩා ඇමැතිවරයාට පෙන්නූ බව ඇමැතිවරයා කිව්වා.’

‘සිම්බාබ්වේ සමග පැවැති තරගාවලියකදී හම්බන්තොට විවේකාගාරය අයි.සී.සී.ය. පරීක්ෂා කළා. එ් වාර්තාව අසංක ගුරුසිංහ විසින් ලබාදී තියෙනවා. සිම්බාබ්වේ සමග පැවැති තරගාවලියේදී ශ‍්‍රී ලංකාව ජය ගන්නා බවට 70‍% ක් තිබුණා. සිම්බාබ්වේ ජය ගන්නා බවට තිබ්බෙ 30‍% ක් විතරයි. නමුත් සිම්බාබ්වේ කණ්ඩායම විශාල ජයග‍්‍රහණ අරගෙන තියෙනවා. ඔට්ටුවල දාලා තියෙන විදිහට මේවායින් ලාභ ලැබුවේ බුකීකරුවන්.’’

‘2018 දී ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැති තුන්කොන් තරගාවලියේදීත් මෙවැනි තරග පාවාදීම් සහ එ්වාට ලැබුණු ආරාධනා සම්බන්ධයෙන් නිසි පරිදි බළධාරීන්ට දන්වා නොතිබීම හේතුවෙන් බංග්ලාදේශයේ ක‍්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ට වසර දෙකක තහනමක් ලබාදීලා තියෙනවා. පළමු වරට දේශීය කණ්ඩායම් දෙකක් අතර තරග පාවාදීමක් සිදුවුණා. පානදුර සහ කළුතර කවය ක‍්‍රීඩා සමාජ අතර තරගයයිග එ් වාර්තාව පාලිත කුමාරසිංහ මහතා විසින් සකස් කරලා තියෙනවාග සනත් ජයසූරිය මේ රටට විශාල කීර්තියක් ගෙනාපු ක‍්‍රීඩකයෙක්ග ඔහුට අවුරුදු දෙකක තහනමක් ගෙනල්ලා තියෙනවා. ජයසූරියව තහනම් කළෙත් කරුණු හරියට කිව්වෙ නැහැ කියලාග නුවන් සොයිසා සහ අවිශ්ක ගුණවර්ධනවත් තරග තහනම් කරලා තියෙනවා. ක‍්‍රිකට් පරිපාලනයේ ඉන්න පුද්ගලයන් හරහා තමයි එහෙම වෙලා තියෙන්නෙ.’’

‘ලෝක ක‍්‍රිකට් කවුන්සිලයෙන් ක‍්‍රීඩා ඇමැතිතුමාට ආපු ලිපිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතාලි‘ක‍්‍රීඩා ඇමැතිතුමා ක‍්‍රිකට් පරිපාලනයට 2019ග09ග09 ෂක්‍ක්‍ දුන් ලිපිය භාර දීලා තියෙනවා. තිලංග සුමතිපාල මහතාත් සභාවේ ඉන්න එක හොදයි. එතුමා කොයි විදිහටද සූදුවලටද සම්බන්ධ වෙලා තියෙන්නෙ කියලා එ් වාර්තාවේ තියෙනවාග 1990 ඉදන් එ් ගැන තියෙනවාග ග්ලෙන් පාමර් කියන පුද්ගලයා තමයි මේ වාර්තාව ලබා දීලා තියෙන්නෙග ඩොලර් ලක්ෂයක මුදලක් අරගෙන තියෙනවා කියලා එ් වාර්තාවේ තියෙනවා.’’

ි‘මටයි අරවින්ද ද සිල්වාටයි චෝදනාවක් ආවාග එ්කට පරීක්ෂණයක් කරලා අපි නිදහස් කරලා නිෙදාස් කළා. අයි.සී.සී.ය ලබාදුන් මේ ලිපිය නීතිය හමුවට ගෙනියන්න කියලා මම ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලනවා. මේකෙ නම තියෙන පුද්ගලයෙක්ව කෝප් කමිටුවට දාලා තියෙනවා. මම අහන්නෙ හොරුන්ව දාන්නෙ හොරු අල්ලන්නද කියලා. මට ඕනෑම තැනක ගිහිල්ලා ඡුන්දය ඉල්ලලා දිනන්න පුළුවන් කියලා පෙන්නලා තියෙනවා. ඊළග පාර්ලිමේන්තුවේදී හිටපු ක‍්‍රීඩා ඇමැතිවරුන්ටත් එරෙහිව පියවරක් ගන්නග ක‍්‍රිකට් ආරක්ෂා කරන්න ඕනනම් අතුරුකමිටුවක් දාන්න කියලා මම කියනවා. එ් අතුරු කමිටුවට අපිව දාන්න එපා. වෙන අයව දාලා හොරකම් හොයන්න. 1997 රූපවාහිනී අයිතිය ගන්න සුමතිපාල මහතාට ඩොලර් ලක්ෂයක් දුන්නා කියලා තියෙනවා.’’