දුෂණ මඩින ක‍්‍රීඩා පනත ගෙන ඒමේදී හරීන්ට මරණ බිය දැනිලා

ක‍්‍රීඩාව සුද්ද කිරීම සඳහා ¥ෂණ කරනු ලබන පුද්ගලයන්ව නීතියේ රැුහනට කොටු කර ගැනීම වෙනුවෙන් සකස් කරන ලද ක‍්‍රීඩා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ජීවිතය සම්බන්ධයෙන් මරණ බිය දැනුන බව ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු පවසයි.
‘යම් කිසි බලවේගයක් විසින් ක‍්‍රීඩා පනතට අවශ්‍ය නීති රෙගුලාසි පසුගිය කාලයේ ගෙන එන්න දුන්නෙ නැහැ. හැබැයි මම කොන්ද පණ තියාගෙන මේක කරපු නිසා මට ජීවිත තර්ජනයක් වුණත් එන්න පුළුවන් කියල බිය දැනුනා. පාර්ලිමේන්තුවේදී බොහොම ලස්සනට මේ පණත ගෙන එන්නට හැකි වුණා. හැබැයි මේක පෞද්ගලිකව කාටවත් ගැසීමට කරපු දෙයක් නෙමෙයි.’ යනුවෙන් ඇමැතිවරයා පවසයි.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා නීතියට අලූත් වගන්ති ඇතුළත් කරමින් සංශෝධනය කරන ලද පනතට තිලංග සුමතිපාල මහතාද කැමැති වු බවත් එසේ කැමැති නොවී සිටිමට කිසිම කෙනකුට හැකියාවක් නැති බවත් හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. කෙසේ වෙතත් සුමතිපාල මහතාගේ නම සඳහන් නොකළ ක‍්‍රීඩා ඇමැතිවරයා බුකී කරුවන්ට සහ ඔට්ටු දමන්නන්ට ඉදිරියේදී හිරගෙට යැවීමට පවමා මෙම නීතිය මගින් හැකි බව සදහන් කළේය.
‘ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට විශේෂ දෙයක් මේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකිවීම. අපිට කෙටි කාලයක් තුළදී මෙවැනි දෙයක් සිදුකිරීමට හැකිවීම සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටු වෙනවා. මොන දෙයක්වත් කරන්න බැහැ නීතියක් නැතිනම්. ක‍්‍රීඩා පනත තුන් පාරක් විතරයි සංශෝධනය වෙලා තිබුණෙ. අපි ඒකත් යම් යම් සංශෝධනයවල් කළා. දැන් ඉතිං වැරදිකරුවන්ට එරෙහිව නීතියක් තියෙනවා. ක‍්‍රීඩා අමාත්‍යාංශයට සහ ලංකාවටම සතුටු වෙන්න පුළුවන් දෙයක් තමයි විසඳගන්න පුළුවන් වුණේ.’