අර්ජුනත් ක‍්‍රිකට් දුෂණ ආරම්භ වුණ හැටි කියයි

හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් පිරිසක් 2008 දී ලෝඞ්ස් වලදී තරග කරනවා වෙනුවට වෙනත් පෞද්ගලික තරගවලට සහභාගි වීමට පටන් ගත් දිනයේ සිට මෙරට ක‍්‍රිකට් දුෂණය වීම ආරම්භ වු බව හිටපු ක‍්‍රිකට් නායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග පවසයි.
2008 වසරේ ලෝඞ්ස් පිටියේ තරගවලට සහභාගි නොවි වෙනත් රටක පවත්වන තරගවලට ක‍්‍රීඩකයන් සහබාගි වීමට මම විරෝධය දක්වද්දි එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ක‍්‍රීඩා ඇමැති ගාමිණී ලොකුගේ ඒ ක‍්‍රීඩකයන්ට පෞද්ගලික තරගවලට සහභාගි වීමට ඉඩ දුන්නා. එදා සිට මෙරට ක‍්‍රිකට් ¥ෂණය වීම ආරම්භ වුණා.’’ යැයි අර්ජුන රණතුංග පවසයි.
අර්ජුන රණතුංග 2008 වසරේ ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටියදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තයේ සංචාරයක් සඳහා යෑමට අවස්ථාව හිමිවුණි. නමුත් එම කාලයේදී අයි.පී.එල්. තරගාවලිය ක‍්‍රීඩා කිරීමට මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන ක‍්‍රීඩකයන් කොන්ත‍්‍රාත් අත්සන් කර තිබීමෙන් අදාළ තරගාවලියට පිටත් විය නොහැකි බව එම ක‍්‍රීඩකයන් පැවසීය.
මේ අතර හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් පවසන 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන්නේ නම් සියලූ දෙනාට දඩුවම් පැමිණිය යුතු බවත් ඔහු මෙතරම් කල් ගොස් එවැනි ප‍්‍රකාශ නිකුත් කිරීම තමාට සිතා ගැනීමට අපහසු බවත් අර්ජුන රණතුංග වැඩිදුරටත් පවසයි.
ඉදිරියේදී පාසල් ක‍්‍රීඩාවද ¥ෂණයට පත්විය හැකි බව පවසන අර්ජුන රණතුංග ක‍්‍රිකට් ක‍්‍රීඩාව පත්තරවල සුදුවක් බවට පත්කළ පිරිස් මේවාට වගකිව යුතු බවත් සිරිකොත් පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.