ලෝක කුසලානට මොක වුණේ කියන්න සංගක්කාරව කොමිසමට යයි

මේ වන විට ආන්දෝලනයකට ලක්ව තිබෙන 2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා එම ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය දැරී කුමාර් සංගක්කාරව ක‍්‍රීඩා වැරැුදි වැලැක්වීමේ විමර්ෂණ කොමිෂමට කැඳවා තිබේ.
සංගක්කාර හෙට (02 දා* සුගතදාස ක‍්‍රීඩාංගණයේ පිහිටි අදාළ කොමිසමට ගොස් කට උත්තරයක් ලබාදීමට නියමිතය. මිට පෙර අරවින්ද ද සිල්වා පැය හයක කට උත්තරයක් ලබා දුන්නේය. ‘‘මා සතු සියලූ තොරතුරු මම කොමිසමට ලබාදුන්නා. පරීක්ෂණ වෙන නිසා මුකුත් කියන්න බැහැ’’ යනුවෙන් පවසා අරවින්ද කට උත්තර ලබාදීමෙන් පසුව පිටව ගියේය.
අදාළ ලෝක කුසලාන තේරීම් කමිටු සභාපතිවරයා වූ අරවින්ද ද සිල්වාට පසුව එම ලෝක කුසලානයේ ආරම්භක පිතිකරු වු උපුල් තරංග අද (01 දා* පැය දෙකකට කට උත්තරයක් ලබාදි පිටව ගියේය. ‘‘මගෙන් අහපු සියල්ලටම මම උත්තර දුන්නා.’’ යැයි ඔහු පවසයි.
කෙසේ වෙතත් කුමාර් සංගක්කාරගෙන් අද දිනයේදී විශේෂ සටහන් තබා ගැනීමට නියමිත අතර තරගය තේරිම් සම්බන්ධයෙන් මෙන්ම එල්ලවන අනෙකුත් චෝදනා සම්බන්ධයෙන්ද ඔහු පිළිතුරු සැපයිය යුතු වේ.