2019 වේගවත්ම එක්දින ලකුණු දහස බාබර්ගෙන්

ශ‍්‍රී ලංකාව සමග කච්චි නුවරදි පැවැත්වෙන එක්දින තරගයේදී ශතකයක් (115* වාර්තා කළ බාබර් අසාම් 2019 වසරේ ලොව වේගවත්ම එක්දින ලකුණු දහස වාර්තා කළ ක‍්‍රීඩකයා බවට පත්විය. ඔහු සිය 19 වැනි එක්දින තරගයේදී අදාළ වාර්තාව පිහිටුවීමට සමත් විය.
වසර දහයකට පසුව කරච්චි නුවරදී පැවැත්වෙන එක්දින තරගයේදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන් පිල ලකුණු 305 ක් දක්වා රැුගෙන යෑමට බාබර් අසාම් විශිෂ්ඨ පිති ප‍්‍රහාරයක් දියත් කළේය.
24 හැවිරිදි බාබර් අසාම් ඊයේ ලබාගත්තේ ඔහුගේ 11 වැනි එක්දින ශතකය වේ. 46 වැනි ඕවරයේදී බාබර් අසාම්ගේ ඉනිම නිමා වන විට ඔහු පන්දු 105 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර අටක් සමග අදාළ ශතක ඉනිම හැඩ කර තිබුණි.