වර්ෂාව නිසා අත්හැර දැමූ ඕස්ට්‍රේලියා හා පාකිස්ථාන පළමු 20-20 තරගය

සංචාරක පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරග සංවිධායකයන් තීරණය කළේය.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පළමු විස්සයි විස්ස තරගය ආරම්භ වීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී තරගය ආරම්භ විය.

ඒ අනුව එක් ඉනිමක් පන්දුවර 15කට සීමා කළ අතර තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 15 අවානයේ කඩුළු  5ක් දැවි රැස් කරගත් ලකුණු සංඛයාව 107ක්.

නායක බාබර් අසාම් ලකුණු 59ක් රැස් කළ අතර මොහොමඩ් රිස්වාන් ලකුණු 312ක් රැස් කළේය.

මිචෙල් ස්ටාක් සහ කේන් රිචඩ්සන් කඩුළු දෙක බැගින් දවාගත්තේය.

ඕස්ට්‍රේලියා ඉනිමේ තුන්වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අත්හැර දැමිමට තීරණය කළේය.

ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය එළඹෙන අගහරුවාදා පැවැත්වීමට නියමිතයි.