ඔස්ටේ‍්‍රලියාව ඔලිම්පික් වර්ජනය කරයි

Protesters hold up placards and banners as they attend a demonstration in Sydney on June 23, 2021 to call on the Australian government to boycott the 2022 Beijing Winter Olympics over China's human rights record. (Photo by Saeed KHAN / AFP) (Photo by SAEED KHAN/AFP via Getty Images)

චීනයේදී දී පැවැත්වෙන එළඹෙන 2022 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල රාජ්‍යතාන්ත‍්‍රිකව වර්ජනය කිරීමට ඔස්ටේ‍්‍රලියාව තීරණය කර ඇත.

චීනයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සැලකිල්ලට ගෙන තම රට මෙම තීරණයට එළඹි බව ඔස්ටේ‍්‍රලියාව සඳහන් කරයි.

ඔස්ටේ‍්‍රලියාව මෙම තීරණය ගැනීමට දින කිහිපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය ද එළඹෙන ඔලිම්පික් තරගාවලිය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් වර්ජනය කිරීමට තීරණය කර තිබුණි. ඔස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් මහතා ප‍්‍රකාශ කර තිබුණේ තමන් ගත් මෙම තීරණය නිවැරදි බවත් ඒ ස`දහා ඔස්ටේ‍්‍රලියා ජනතාවගේ කැමැත්ත ඇති බවත්ය.

ඇමෙරිකා එක්සත් ජනපදය ධවල මන්දිර මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කර තිබුණේ ඔලිම්පික් උළෙලට ක‍්‍රීඩකයන් යොමු කළත් නිලධාරීන් සහභාගි නොකරන බවයි.