විරාට් කෝලිගේ ඔටුන්න ෂර්මාගේ හිස මතට

ටෙස්ට් පිලෙත් ෂර්මාට ලොකු තැනක්
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම නව එක්දින නායකයා වශයෙන් රෝහිත් ෂර්මා පත්කර තිබේ. ඔහු මීට පෙර ඉන්දියානු විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වශයෙන්ද පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව නම් කළේය.
කෙසේ වෙතත් විරාට් කෝලිගේ එක්දින සහ විස්සයි විස්ස ඔටුනු දෙකම රෝහිත් ෂර්මාට ලැබෙද්දී වත්මන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා වශයෙන්ද ෂර්මා නම් කිරීම විශේෂත්වයකි. මීට පෙර අජින්කෙයා රහනේ උපනායකයා වශයෙන් කටයුතු කළේය.
විරාට් කෝලි ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 95 ක් මෙහයවා ඇති අතර ඉන් තරග 65 ක් ජයග්‍රහණය කරා මෙහෙයවද්දී තරග 27 ක් පරාජයට පත්ව තිබේ. කෝලි නායකත්වය දරන අවධියේදී සිය පිතිකරණ සාමාන්‍ය 47.38ක් රඳවා ගැනීමටද සමත් විය.