රිචඞ්සන්ලාගේ වාර්තාවක් දසුන් සහ ජයසුරිය කඩයි

බටහිර ඉන්දීය කොදෙව් හී හිටපු සුපිරි පිතිකරුවකු වන රිචී රිචඞ්සන් සහ ජෙෆ් ඩුජෝන් එක්ව පාකිස්තානයට එරෙහිව පිහිටුවා තිබු හය වැනි කඩුල්ලේ වාර්තාව බිඳ දැමීමට ෂෙහාන් ජයසුරිය සහ දසුන් ශානක කරච්චි ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී සමත් විය.
ෂෙහාන් ජයසුරිය සහ දසුන් ශානක හය වැනි කඩුල්ලට ලකුණු 177 ක සබඳතාවක් පිහිටවු අතර ඒ සඳහා පන්දු 184 ක් වැය වී තිබුණි. ෂෙහාන් ජයසූරිය පන්දු 109 කදී හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 96 ක් ලබා දැවී ගියේය. අනතුරුව දසුන් ශානක පන්දු 79 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 68 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.
මීට පෙර පාකිස්තානයට එරෙහිව ලොව ඕනෑම පිතිකරු යුගලක් හය වැනි කඩුල්ලට පිහිටුවා තිබු ඉහළම සබඳතාව 1991 වර්ෂයේදී ශ‍්‍රීමත් රිචී රිචඞ්සන් සහ ඩුජෝන් එක්ව පිහිටුවා තිබු අතර එම සබඳතාව ලකුණු 154 කි. සජා ක‍්‍රීඩාංගණයේදී ඔවුන් දෙදෙනා පාකිස්තානයට එරෙහිව එම වාර්තාව පිහිටුවා තිබුණි.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු කඩුලූ පහම ලකුණු 28 කදී දැවී ගොස් තිබියදී අසරණව සිටියදී එක්වු දසුන් ශානක සහ ෂෙහාන් ජයසුරිය මෙම විශිෂ්ඨ සබඳතාව සටහන් කරමින් ශ‍්‍රී ලංකාවේ ගෞරවය රැුක ගැනීමට සමත් විය. පාකිස්තානය ලබාගත් ලකුණු 305 ට පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුලූ පහම ලකුණු 28 කදී දැවී ගොස් තිබියදී ඔවුන් දෙදෙනා විසින් එම සබඳතාව පිහිටවු අතර එය ලොව හය වැනි කඩුල්ලේ සිව්වැනි ඉහළම සබඳතාවද වේ.