පියල් සහ ඉන්දික ඉන්දුනීසියාවේදී ලෝකඩ දිනයි

ඉන්දුනීසියානු ජනාධිපති කුසලාන බොක්සිං තරගාවලිය නියෝජනය කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පියල් ධර්මසේන සහ ඉන්දික බණ්ඩාර ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ. ආසියානු තරගාවලියට පෙරහුරුවක් වශයෙන් ශ‍්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩකයන් මෙම තරගාවලිය නියෝජනය කර තිබේ.
පියල් ධර්මසේන යුද හමුදාව නියෝජනය කරන අතර ඉන්දික බණ්ඩාර නාවික හමුදාව නියෝජනය කරනු ලබයි. කණ්ඩායම් පුහුණුකරු වශයෙන් සම්පත් ජයතිලක මහතා කටයුතු කළේය. ශ‍්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩකයන් මෙම තරගාවලියෙන් පසුව තායිලන්තයේ තරග වැදීමට නියමිතව තිබේ.
අදාළ තරගාවලිය නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් 55 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවන් 34 දෙනෙක් සහභාගි වූ අතර එහිදී ඉන්දියාව සහ සත්කාරක ඉන්දුනීසියාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා කැපී පෙනුණි.