ඉන්දියානු ක‍්‍රිකට් පුහුණුකරු ධුරයට මහේල හෝ කර්ස්ටන් එයි

ඉන්දියානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීම සඳහා යොමු කර ඇති ඉල්ලූම් පත් අතරින් තෝරාගත් හය දෙනකුගෙන් තිදෙනකු සඳහා ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබුණි. ඒ අතරින් අවසන් දෙදෙනා අතරට ශ‍්‍රී ලංකාවේ මහේල ජයවර්ධන සහ දකුණු අප‍්‍රිකාවේ ගැරී කර්ස්ටන් තෝරාගෙන ඇතැයි වාර්තා වේ.
අදාළ හය දෙනා අතරට ශ‍්‍රී ලංකාවේ මහේල ජයවර්ධන, නවසීලන්තයේ මයික් හේසන්, දකුණු අප‍්‍රිකාවේ ගැරී කර්ස්ටන්, එංගලන්තයේ ටෙ‍්‍රවර් බේලිස්, ඔසටේ‍්‍රලියාවේ ටොම් මූඩි සහ හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත‍්‍රි ඇතුළත් වේ.
ඒ අතරින් මහේල ජයවර්ධන, ගැරී කර්ස්ටන් සහ මහේල ජයවර්ධන යන තිදෙනාගෙන් එක් අයකු ප‍්‍රධාන පුහුණුකරු ධුරයට පත්කිරීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය වැඩි අවධානයක් යොමුකර ඇතැයි වාර්තා වේ. තෝරාගත් අවසන් පුහුණුකරුවන් තිදෙනා අතරින් වැඩිම ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග සංඛ්‍යාවකට සහභාගි වී ඇත්තේ මහේල ජයවර්ධන වන අතර ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අයි.පී.එල්. ශූරතාව දෙවරක් දිනා දීමේ පුහුණුකරුවාද වේ.
ඉන්දියානු කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමේ ප‍්‍රධාන සුදුසුකම ලෙස දක්වා තිබුණේ අවසන් වසර දෙකේදී ජාත්‍යන්තර අත්දැකීම් තිබීම සහ ටෙස්ට් තරග 30 ක් හෝ එක්දින තරග 50 ක් ක‍්‍රීඩා කර තිබීම වේ. කෙසේ වෙතත් ඉන්දියානු නායක විරාට් කෝලි රවී ශාස්ත‍්‍රීව පුහුණුකරු ධුරයේ රදවා ගැනීම සඳහා වැඩි කැමැත්තක් දක්වන බවට වාර්තා වේ.