බංග්ලාදේශයේ අධික වැටුප් අතහැර හතුරුසිංහ ශ‍්‍රී ලංකාවට එයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කර ගන්නා බව ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. බංග්ලාදේශ පුහුණුකරු ධුරය අතහැර ශ‍්‍රී ලංකාවට පැමිණීමට ගත් තීරණය ඉතා අගය කොට සලකන බවද ක‍්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.
‘හතුරුසිංහ බංග්ලාදේශයෙන් ලබාදුන් අධික වැටුප් සහ දීමනා අතහැර ශ‍්‍රී ලංකාවේ පුහුණුකරු ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් මා ඉතාමත් සතුටු වෙනවා. ඔහුගේ පැමිණීම අපි සාධරයෙන් පිළිගන්නවා.’’ යැයි ක‍්‍රීඩා ඇමැතිවරයා අද (15 දා) පැවැති කැබිනට් රැුස්වීමේදී පවසා සිටියේය.
ක‍්‍රිකට් ආයතනය හතුරුසිංහගේ පැමිණීම සගවා තබා ගත්තද ක‍්‍රීඩා ඇමැතිවරයා ඔහුගේ පැමිණීම ස්ථිර කර තිබේ. හතුරුසිංහට බංග්ලාදේශයෙන් ලක්‍ෂ පනහකට ආසන්න මාසික වැටුපක් ලබාදී ඇතැයි සඳහන් වන අතර ශ‍්‍රී ලංකාවෙන් ලක්‍ෂ 30-40 ත් අතර වැටුපක් ඔහුට ලබාදෙන බවට වැඩිදුරටත් වාර්තා වේ.
බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයද හතුරුසිංහව රදවා ගැනීමට නොයෙකුත් උත්සහ කළද සිය පවුල සමග ජීවත් වීමට උපන් රටේ ප‍්‍රියතාවයක් දැක්වීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත් හතුරුසිංහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස රාජකාරිය ඇරඹීමට නියමිතය.