මන්චී ජාතික වෝල්බෝල් ශූරතාවයේ අවසන් තරග 18 දා මහරගමදී

සුපර් ලීග් කාන්තා සහ පිරිමි ශූරතාවට යුද හමුදාවෙන් කණ්ඩායම් දෙකක්

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානයෙන් සහ සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන මන්චී ජාතික වොලිබෝල් ශූරතාවයේ 2017 අවසන් මහා තරග ලබන 18 වැනිදා මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ආධුනික සහ සුපර්ලීග් වශයෙන් අවසන් මහා තරග පැවැත්වේ. ඒ අනූව පෙ.ව.8.00 ට ආධුනික කාන්තා අවසන් මහා තරගය තරගය බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජ (ගලිගමුව) සහ රතනපාල ක්‍රීඩා සමාජය (මහඋස්වැව) අතර පැවැත්වේ. අනතුරුව පෙ.ව.10.00 ට ආධුනික පිරිමි අවසන් මහා තරගය ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය (කුරුණෑගල) සහ ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී ක්‍රීඩා සමාජය අතර පැවැත්වේ.
සුපර් ලීග් කාන්තා අවසන් මහා තරගය ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදාව අතර ප.ව.1.00 ට පැවැත්වේ. සුපර් ලීග් පිරිමි අවසන් මහා තරගය ප.ව. 3.00 ට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමග ලංකා විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය අතර පැවැත්වේ.
අදාළ තරගාවලියේ ආධුනික කාන්තා අංශයේ තෙවන ස්ථානය කුරුණෑගල ඔමේගාලයින් ක්‍රීඩා සමාජ විසින්ද එම පිිරිමි තෙවැනි ස්ථානය කෑගල්ල ක්‍රියේටර්ස් කී්‍රඩා සමාජය විසින්ද දිනා ගන්නා ලදී.
සුපර් ලීග් කාන්තා අංශයේ තෙවැනි ස්ථානය මාස් කැෂුවලයින් විසින්ද එම පිරිමි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද දිනා ගන්නා ලදී.