
ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය තනතුර සඳහා පවත්වන ලද පරීක්‍ෂණයට එරෙහිව හයසින්ත් විජේසිංහ මහත්මිය විසින් ඉදිරිපත්කරන ලද අභියාචනාවක් හේතුවෙන් පුහුණුකාරිණිය පත්කර ගැනීම යළිත් වරක් දිග් ගැස්සී තිබේ.
අදාළ අභියාචනාව විමර්ශණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් මත කමිටුවක් පත්කර තිබේ. එම කමිටුව විසින් ඊයේ (14 දා* අදාළ විමර්ශණය කටයුතු සිදු කළ අතර එහි අවසන් ප්‍රතිඵලය අනූව යළිත් දැල්පන්දු පුහුණුකාරිණිය ධුරය ස\හා පරීක්‍ෂණ කැඳවීමක් සිදුකිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මීට පෙර ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ දීප්ති අල්විස් මහත්මියටද සිය රාජකාරී කටයුතු කර ගැනීමට නොහැකි වූ අතර දීර්ඝ කාලයක් පුරා ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය තනතුර කරගෙන යෑමේ බාධාවන් පැමිණීම විශේෂත්වයකි. අදාළ තත්ත්වය අනූව ශ්‍රී ලකා දැල්පන්දු කණ්ඩායම මේ වන විට ආසියාවේ පළමු ස්ථානයේ සිට පල්ලම් බැස තිබේ.