හතුරුසිංහ ශ්‍රී ලංකාවට ඇවිත් වැඩ අරඹයි

බංග්ලාදේශ පුහුණුකරු ධුරය අතහැරීමෙන් පසු චන්දික හතුරුසිංහ ඊයේ (21 දා) ශ්‍රී ලංකාවට පැමිණි අතර අනතුරුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සහ පුහුණුකරුවන් කිහිප දෙනෙකු මත සාකච්ඡා කරමින් එඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව ඉන්දියානු සංචාරයෙන් පසුව චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට භාර ගැනීමට නියමිතව ඇති අතර 2019 වන තෙක් ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමටද නියමිතය.
හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් පළමු රාජකාරිය ආරම්භ කරනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගාවලියකදී වීමද විශේෂත්වයකි. අදාළ තරගාවලිය ලබන ජනවාරි මාසයේදී ආරම්භ වේ.
හතුරුසිංහට ලැඛෙන වැටුප, කණ්ඩායම පුහුණුකිරීමේදී ඔහුට ඇති නිදහස සහ තේරීමේදී ඔහුට මැදිහත් විය හැකි ආකාරය සහ ඉදිරියේදී තමාගේ සැලැස්ම ඇතුළු කරුණු කාරණා කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් සමග ඔහු සාකච්ඡා කර තිබේ. ඒ අනූව ජනවාරි 1 වැනිදාට ප්‍රථම හතුරුසිංහ සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.