ක්‍රීඩකයන් ඔවුන්ගේ හැකියාව දන්නෙ නැහැ – හතුරුසිංහ කියයි

ශ්‍රී ලංකා නව ක්‍රිකට් පුහුණුකරු අද (28 දා) සිය පුහුණු කටයුතු කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කළ අතර එහිදී අංශ හතරක් යටතේ සිය රාජකාරිය කරන බව හතුරුසිංහ පවසයි.
‘දඟ පන්දු යවන්නන්ට පිතිකරුවන් මුහුණ දෙන්නේ කොහොමද. වේග පන්දු යවන්නන්ගේ ස්කිල් ටේ්‍රනින් එක. පිතිකරුවන් නිදහසේ පහර දෙන්නේ කොහොමද. ඉක්මනින් ලකුණු ලබා ගන්නේ මොනවාද යන්න මූලික කරගෙන පුහුණුවීම් කරනවා.’
ධනාත්මක සහ රිනාත්මක පැත්තද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තිඛෙන බවත් තමා ධනාත්මක පැති සමග ගණු දෙනු කරමින් ඔවුන්ව හොඳ මානසිකත්වයකින් තරග බිමට යවන බවත් හතුරුසිංහ පවසයි.
‘පසුගිය කාලයේ මේ අය පැරදුනේ දක‍ෂතා නැති නිසාම නොවෙයි. මෙතන ඉන්නවා ලෝකයේ හොඳම ක්‍රීඩකයන් පස්දෙනා හෝ දහ දෙනා අතර ඉන්න පුළුවන් ක්‍රීඩකයන්. නමුත් ඔවුන් දන්නෙ නැහැ ඔවුන්ගේ තියෙන හැකියාව. මම 100% ක්ම මේ අයව හොඳ තැනකට ගෙනවා.’ යැයි හතුරුසිංහ පවසයි.