හතුරුසිංහට රතු නිවේදනයක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ වැඩකටයුතු සහ ඔහු පසුගිය කාලයේ දැක්වු ක‍්‍රියා කළාපය සම්බන්ධයෙන් රතු නිවේදනයක් හෙවත් නීතිඥයන් මාර්ගයෙන් ඔහුට ලිපියක් යැවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කටයුතු කර තිබේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ හතුරුසිංහ අතර අවසන් සාකච්ඡුාවද පැවැත්වීමට නියමිත අතර ක‍්‍රීඩකයන් බහුතරයක් ඔහුගේ ඉවත්කිරීම සම්බන්ධයෙන් සතුටට පත්ව සිටීමෙන් යළිත් ජාතික කණ්ඩායමට නොව දෙවැනි පෙළ කණ්ඩායමට ඔහුගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡුා පැවැත්වේ.
ක‍්‍රීඩා ඇමැතිවරයා පවසන්නේ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු බැට් අල්ලන විදිහට සහ බෝල කරකවන විදිහ කියා දිය නැති බවත් ඔහු කළ යුත්තේ තාක්ෂණය අනූව ජයග‍්‍රහණයට අවශ්‍ය පාර හදා දීම බවයි. ලෝකයේ ලොකු පුහුණුකරුවන් මහා ලොකු දෙයක් නොකරන බවත් පුහුණුකරුවන්ට ක‍්‍රීඩකයන්ගේ පෞද්ගලිකත්වය සොයා රාජකාරි කළ නොහැකි බවත් හරීන් අමාත්‍යවරයා පවසයි.