ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ පඩි දෙගුණයකින් වැඩි වෙයි

ශ‍්‍රී ලංකාවේ සිටින දක්ෂ ක‍්‍රීඩකයන් විදෙස් ගතවීම වළක්වා ලීම අරමුණ කොටගෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් ඔවුන්ගේ තරග ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු පවසයි.
අදාළ වැටුප් වැඩිවීම ඔක්තෝම්බර් මාසයේ සිට සිදුකරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කරයි. ‘‘අපේ රටේ තමයි අඩුම වැටුප් ගෙවන්නෙ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට. එහෙම වුණහම ක‍්‍රීඩකයන් පිටරට යනවා. ඔවුන්ව නවතා ගන්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මම උපදෙස් දීලා තියෙනවා ක‍්‍රමවේදයක් සකස් කරන්න. ඒ නිසා මේ මාසයේ ඉදලා ක‍්‍රීඩකයන්ගේ වැටුප් දෙගුණයකින් වැඩිවෙනවා.’’
ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට හොඳ සංයුතියක් සකසා ගැනීමටනම් ක‍්‍රීඩකයන් 200 ක් පමණ දේශීය තරග ක‍්‍රීඩා කළ යුතු බවත් එසේ නොවුණහොත් ක‍්‍රීඩකයන් එංගලන්තය වැනි රටවලට ගොස් මුදල් හම්බ කිරීමට ක‍්‍රිකට් ගසන බවත් ඔවුන් රදවා ගැනීමට කළ යුත්තේ මෙවැනි ක‍්‍රමවේදයන් බවත් ඇමැතිවරයා පවසයි.