සීක්කුලාට පහර දුන් චන්දිමාල්ලා යුද හමුදාපති කුසලාන උස්සයි

කෝවිඞ් 19 වසංගතය හමුවේ උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුව යුද හමුදාව විසින් සංවිධානය කළ යුද හමුදාපති කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ සදර්න් වොරියස් කණ්ඩායම සමත් විය.
සීක්කුගේ ප‍්‍රසන්නගේ නායකත්වයෙන් යුත් සුපර් ෆැෂන් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රහණය උදුරා ගැනීමට හැකියාවක් තිබුණත් 19 වැනි පන්දුවාරය යැවු සුරංග ලක්මාල් එම පන්දුවාරයේදී දසුන් ශානක (34* සහ අවසන් පිතිකරුවාව දවා ගනිමින් ඩිමෝ කණ්ඩායමට ලකුණු නවයක ජයක් අත්කර දීමට සමත් වෙද්දී තවත් පන්දුවාරයක් ඉතිරි විය.
හොරණ දොඹගොඩ ක‍්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහා තරගයේදී පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසනදී කඩුලූ 6 කට ලකුණු 159 ක් ලබා ගත්තේය. එහිදී නායක චන්දිමාල් ලකුණු 19 කට පිටියෙන් ඉවත්ව යද්දී ගිහාන් කෝරළගේ (24*, අසන්ත බස්නායක (47* සහ වනි\ු හසරංග (29* මැද පෙළින් සිය කණ්ඩායම ඔසවා තැබීමට දායක විය.
සුපර් ෆැෂන් කණ්ඩායම ලකුණු 150 කට දැවී යද්දී නායක සීක්කුගේ ප‍්‍රසන්න වේගවත් ලකුණු 49 ක් ලබා ගත් අතර දසුන් ශානක ලකුණු 34 ක් ලබා සිටියදී ස්කූප් පහරක් ගැසීමට ගොස් දැවී යාමෙන් ජයග‍්‍රාහී බලාපොරොත්තු සුපර් ෆැෂන් පිලට අත්හැර ගැනීමට සිදුවිය. සුපර් ෆැෂන් ඉනිම බිද දැමීමේදී ලක්මාල්, වනිඳු හසරංග සහ අභිශේක් කඩුලූ දෙක බැගින් බිද දැමූ අතර සුමින්ද ලක්ෂාන් කඩුලූ 3 ක් බිඳ දැමුවේය.
කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ අවසන් ත්‍යාග ප‍්‍රදානෝත්සය යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී අවසන් තරගයේ වීරයා වශයෙන් ඩිමෝ කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන්ද, තරගාවලියේ දක්ෂතම පිතිකරු වශයෙන් ඩිමෝ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ද සම්මානය ලැබීය. චන්දිමාල් මෙම තරාවලියේ තරග හතකදී ලකුණු 289 ක් ලබා තිබුණි. තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වශයෙන් මෙල්බන් කණ්ඩායමේ තිසර පෙරේරා සම්මාන ලැබු අතර ඔහු තරග හයකදී කඩුලූ 12 ක් ලබා තිබුණි.
තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා වශයෙන් ප‍්‍රීමා කණ්ඩායමේ රෙඞ්නරාජා තෙනුරාජන් සම්මාන ලැබු අතර තරගාවලියේ වීරයා වශයෙන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වු සුපර් පැෆන් කණ්ඩායමේ සීක්කුගේ ප‍්‍රසන්න සම්මාන ලැබීය.