තමිල්නාඩු දේශපාලූවන්ට මුරලි පිළිතුරු දෙයි

මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැුගත් ‘800’ චිත‍්‍රපටය තමිල්නාඩුවේ ජනප‍්‍රිය නළු විජේ සේතුපතිගේ රංගනයෙන් යුතුව ලබන වසරේදී එළිදැක්වීමට නියමිතව තිබියදී ඒ වෙනුවෙන් විරෝධතා දක්වන තමිල්නාඩු ජනතාවට ලිපියක් මගින් ප‍්‍රති උත්තර ලබාදීමට මුත්තයියා මුරලිදරන් පියවර ගෙන තිබේ.
විජේ සේතුපති මුරලිගේ චරිතාපදනය රඟ දක්වන ප‍්‍රදාන නළුවා වෙද්දී ඔහුටද තමිල්නාඩු වැසියන් විසින් චෝදනා එල්ල කරනු ලබන්නේ එල්.ටී.ටී. යුද්ධය අවසන් වු වසර තම ජීවිතයේ සතුටුම දවස බවට පැවසු මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය රඟ දැක්වීම ලැජ්ජාවට කරුණක් බව පවසමිනි.
අදාළ විවේචන හමුවේ සිය මතය නොවෙනස්ව ඉදිරිපත් කරන මුරලි පවසනනේ තම චරිතාපානය වන 800 චිත‍්‍රපටය සමග පැන නැගී ඇති මතභේදය සම්බන්ධව තමා අදහස් බෙදා ගැනීමට කැමැති බවයි. මුරලිගේ සාර්ථකත්වයට ඔහුගේ දෙමාපියන්, ගුරුවරුන්, පුහුණුකරුවන් සහ සම ක‍්‍රීඩකයන්ගේ දායකත්වය ලැබුණු අයුරුද එම චිත‍්‍රපටය තුළින් ගම්‍ය වීමට නියමිතය.
ලොව වැඩිම ටෙස්ට් (800* සහ එක්දින (534* කඩුලූ ලාභියා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිතයේ ප‍්‍රීතිමත්ම වසර 2009 වසර බව ඔහු යළිත් වරක් මතක් කර දෙන්නේ එහි ඇති හේතුපාදකද සටහන් කරමිනි. ‘‘2019 වසරේදී මා පැවසුවා මගේ ජීවිතයේ ප‍්‍රීතිමත්ම වසර 2009 බව. නමුත් මිනිසුන් කියන්නේ දෙමළ ජාතිකයන් ඝාතනය කළ වර්ෂය මගේ ජීවිතයේ ප‍්‍රීතිමත්ම වසර බවයි. ඒක වැරදි වැටහීමක්.’’
2009 මැයි මාසයේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් එල්.ටී.ටී. ත‍්‍රස්තවාදීන්ව පරාජය කළේය. ඒ සම්බන්ධව මුරලි වැඩිදුරටත් සඳහන් කරන්නේ, ‘‘සාමාන්‍ය මිනිසෙකුගේ දෘෂ්ටි කෝණයෙන් සිතන්න. මම හැදී වැඩුණේ යුද සමයේදී. ඒ කාලයේදී ඊළඟට කුමක් සිදුවේදැයි අපි දන්නෙ නෑ. පාසලේ මාගේ ක‍්‍රීඩා සහයකා ඊළඟ දවසේ සෙල්ලම් කිරීමට එයිද දන්නෙ නෑ. එවැනි තත්ත්වයක් යටතේ තිබුණ යුද්ධයක් තමයි අවසන් වුණේ. පොදු පුරවැසියකු ලෙස මම ආරක්ෂාව ගැන සිතුවා. ඒ වගේම පසුගිය වසර 10 තුළ දෙපාර්ශ්ශවයේම ජීවිත හානියක් සිදුවී නැහැ. 2009 වසර මගේ ජීවිතයේ ප‍්‍රීතිමත්ම වසර බව මා සිතුවේ එබැවිනි. අහිංසක මිනිසුන් ඝාතනය කිරීම කිසි විටෙකත් මම අනුමන කර නොතිබූ අතර අනාගතයේදීද එවැනි දෙයක් වෙයි කියලා හිතන්නෙ නැහැ.’’
මේ අතර 800 චිත‍්‍රපටයේ විවේචන අතර මුරලි දෙමළ ජාතිකයකු වුවද ඔහු දෙමළ භාෂාව කතා නොකරන අයෙක් බවටද හංවඩු ගසා තිබුණි. ‘‘මගේ රටේ සුළුතර පිරිසක් තමයි දෙමළ ජාතිකයන් ඉන්නෙ. ඒක සත්‍යයක් වගේ ස්වාභාවිකයි. මගේ දෙමව්පියන්ද එම මානසිකත්වයම බෙදාගෙන තියෙනවා. මම වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තමයි ක‍්‍රිකට් කණ්ඩායමට අත්‍යඅවශ්‍ය පන්දු යවන්නෙක් වුණේ. කොහොම වුණත් ශ‍්‍රී ලාංකික ජනතාව කිසිදු ජාතියකට කිසිදු වෙනසක් පෙන්වන්නෙ නැහැ. මම හොඳින් දෙමළ භාෂාව කතා කරනවා. මම දෙමළ අධ්‍යාපනය ලබා තියෙන නිසා මට කතා කරන්න බැරි වෙන්න හේතුවක් නැහැ.’’ යනුවෙන් මුරලි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මුත්තයියා මුරලිදරන් ශ‍්‍රී ලාංකික දෙමළ වැසියන්ට කළ උදව් උපකාරද ඕනෑ තරම් තිබේ. එපමණක්ද නොව ඔහු සිංහල, දෙමළ හෝ වෙනත් ජාතියක් කියා බෙදා වෙන් නොකරමින් කළ උපකාරද බොහොමයකි. කිසිවක් නොදන්නා මිනිසුන් අඳුරේ අතපත ගාන්නක් මෙන් මුරලිට කරන චෝදනාවලට ඔහු තවදුරටත් මෙසේ පිළිතුරු සපයා තිබේ.
‘‘මම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වු නිසා මාව වැරදියට වටහා ගන්න එපා. මම ඉන්දියාවේ උපත ලැබුවා නම්, මම ඉන්දීය ජාතික කණ්ඩායමේ සාමාජිකයකු වීමට උත්සහ කරනවා. මම ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයෙකු ලෙස ඉපදීම වැරදිද?. මගේ ජීවිතය නොදන්නා අය, නොදැනුවත්කමින් සහ ඇතැම් දේශපාලන හේතු නිසා මාව දෙමළ ප‍්‍රජාවට විරුද්ධ පුද්ගලයකු වශයෙන් චිත‍්‍රයක් හදන්න හදනවා. ඒක මට වේදනාවක් ගෙන දෙන කරුණක්. මගේ විරුද්ධවාදීන් සන්සුන් නොවනු ඇති. නමුත් මා ගැන ඇත්තේ අසත්‍ය ප‍්‍රවෘත්ති පමණයි. ඒ නිසා තමයි මම මේ පැහැදිලි කිරීම කරන්නෙ.’’ යනුවෙන් මුරලි පවසයි.
මුරලිදරන් මේ වන විට අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අදාළ පිළිතුරු ලබාදීමට කටයුතු කළේය. කෙසේ වෙතත් ලබන ජනවාරි මාසයේදී 800 චිත‍්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත අතර 2021 වසරේ අග භාගය වන විට එළිදැක්වීමට නියමිතව තිබේ.