පාසල් ක‍්‍රිකට් නීති වෙනස් වෙයි

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ සියලූම වයස් කාණ්ඩවල තරග සැලැස්ම වෙනස් කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය සාකච්ඡුා කොට තිබේ. ඒ අනූව එළැඹෙන නව තරගාවලියේ සිට අදාළ නීති රීති ක‍්‍රියාත්මක වීමට නීති සම්පානය වෙමින් තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට පාසල් ක‍්‍රිකට් ඇතුළු සියලූම තරගාවලි ඇනහිට තිබෙන අතර වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ තරගාවලි මේ වසරේදී පැවැත්වීමට නොහැකිවනු ඇතැයිද පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සාකච්ඡුා කොට තිබේ.
පාසල් ක‍්‍රිකට් සංගමයේ නිව නිලධාරීන් ඉකුත් 12 වැනිදා පත්වුවද ඊට පසුවදා සිට රට පුරා ඇදිරිනීතිය ක‍්‍රියාත්මක වීමෙන් දුරකතන ඔස්සේ අදාළ සංවාද සහ සාකච්ඡුා පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන් අතර සිදුව ඇත. කෙසේ වෙතත් 2020/2021 වයස අවුරුදු 19 න් පහළ තරගාවලියද තවත් මාස පහකින් පමණ ආරම්භ වන බැවින් ඊට පෙර 2019/20 තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ සිට ඉතිරි තරග අවසන් කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය තීරණය කර තිබේ.
‘‘අපි වයස අවුරුදු 19 න් පහළ තරගාවලියේ සියලූ කාණ්ඩවල අර්ධ අවසන් පූර්ව වටයේ සිට ඉතිරි තරග පවත්වන්න කොහොම හරි උත්සහ කරනවා. මොකද ඒ තරගාවලියේදී ළමයින්ට විශ්වවිද්‍යාල යෑමේදී ලකුණු හිමිවන බැවින් ඒක පැවැත්වීම වැදගත්. වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ තරගාවලි මේ වසරේදී පැවැත්වීමනම් අවිනිශ්චිතයි. තවම අපි අවසන් තීරණයක් ගෙන නැහැ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අවුරුදු 15 න් පහළ සංචිතයක් අවශ්‍යයි කිව්වොත් අඩු තරග සංඛ්‍යාවක් පවත්වන විදිහට 15 න් පහළ තරගාවලිය පවත්වනවා.’’ යැයි පාසල් ක‍්‍රිකට් සංගමයේ හිටපු සභාපති මෙන්ම වත්මන් උපසභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.
එළැඹෙන වයස අවුරුදු 19 න් පහළ තරගාවලිය කාණ්ඩ වෙනස් කරමින් පැවැත්වීමට පාසල් ක‍්‍රිකට් සංගමය තීරණය කොට ඇත. ඒ අනූව දැනට පළමු කාණ්ඩයේ සිටින කණ්ඩායම් 36 පළමු කාණ්ඩයේ ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් කොටස් දෙකකට වෙන්කරනු ලබයි. එහිදී අර්ධ දෙවැනි වටයේ සිට අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි කණ්ඩායම් 16 සහ ඉතිරි කණ්ඩායම් 20 න් වැඩිම ප‍්‍රසාද ලකුණු ලබා ඇති කණ්ඩායම් 2 ඇතුළුව කණ්ඩායම් 18 ක් පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයට අයත් වේ. ඉතිරි කණ්ඩායම් 18 ‘බී’ කාණ්ඩයට ඇතුළත් වේ.
මීට අමතරව දෙවැනි කොටසින් තරග වදින කණ්ඩායම් 32 කණ්ඩායම් 16 බැගින් ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් කොටස් දෙකකට වෙන්කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය කටයුතු යොදා තිබේ. ෙදැවැනි කොටසටද කණ්ඩායම් 36 ක් ඇතුළත් කරමින් කාණ්ඩ දෙකට කණ්ඩායම් 18 බැගින් නම් කිරීමට යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධව තවමත් පාසල් ක‍්‍රිකට් නිලධාරින් සාකච්ඡුා මට්ටමේ පසුවේ. එසේ වුවහොත් තෙවැනි කොටසින් අවසන් පූර්ව වටයට පැමිණෙන කණ්ඩායම් හතරම දෙවැනි කොටස දක්වා උසස්වීම් ලබයි.
‘‘වයස අවුරුදු 13 න් පහළ ඉඳලා 19 න් පහළ වෙනකම් තියෙන තරගාවලිවල ලකුණු හෙවත් ප‍්‍රසාද ලකුණු ලබාදීමට අපි අලූත් සැලැස්මක් හදනවා. සමහර පාසල් ජයග‍්‍රහණය වෙනුවෙන් අල්ල අල්ල ඉන්නවා. අනිත් කණ්ඩායමට බැට් කරන්න වෙන්නේ ඕවර හතරක් හෝ පහයි. එහෙම තරග අපි දැකලා තියෙනවා. ඒ සියල්ල වෙනස් කරනවා. වයස අවුරුදු 13 න් පහළ තරගාවලියේ පිතිකරුවන්ව ඉස්මතු වෙන විදිහට ක‍්‍රමයක් සකස් කරනවා. මොකද පිතිකරුවකු 13 න් පහළ ඉඳලම තාක්ෂණයෙන් දියුණු වෙන්න ඕන. ජාත්‍යන්තර තරග රටාවට අනූව තමයි මේ සියල්ල අපි කරන්නෙ.’’ යැයි ඔෂාර මහත්මා වැඩිදුරටත් පැවසීය.
මෙවර අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ පළමු කොටසේ තරගාවලියකදී එක් පාසලක් ලකුණු 20 කට අඩුවෙන් දැවී ගොස් ඇති බැවින් එම කොටසේ තරගකාරීත්වය වැඩි කිරීම සඳහා පළමු කොටස මෙන්ම දෙවැනි කොටසද ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් කොටස් දෙකක වෙන් කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය තීරණය කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.