ක‍්‍රිකට් කී‍්‍රඩාවේදී ජාති වාදය පතුරනවා – ගේල් චෝදනා කරයි

ඇමරිකාවේ සුදු පැහැති පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් එරට කළු ජාතිකයකුගේ බෙල්ල හිර කර මරා දමන වීඩියෝවක් සමාජ ජාලා අතර ශීග‍්‍රයෙන් පැතිරය යමින් පවතී. එය ජාති වාදය ඉස්මතු කරන ක‍්‍රියාවක් බව ඇමරිකානු පොලිසියට චෝදනා එල්ල වෙද්දී ඔවුන් සමුගත්තේය. නමුත් මේ කතාව ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජාති වාදය ගැනයි.
බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක‍්‍රිස් ගේල් විසින් අදාළ සිදුවීම පදනම් කරමින් සඳහන් කර ඇත්තේ ලොව පුරා ජන වාර්ගික ප‍්‍රශ්නය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේද තිබෙන බවයි. ඇමරිකාවේ සිද්ධියෙන් කෝපයට පත්ව සිටින ගේල් පවසන්නේ ‘‘කළු ජීවිත වෙනත් ඕනෑම ජීවිතයකට සමානයි’’ යනුවෙනි.
‘‘කළු ජාතිකයන් කියන්නෙ වැදගත් ජන කොට්ඨාශයක්.සියලූම වර්ගවාදී ජනයා කළු ජාතිකයන් මෝඩයෝ කියලා සිතීම නවත්වන්න. අපේ කළු ජාතිකයන් පවා ඉතාමත් නුවණැත්තෝ. ඔවුන්ව ඉහළට ඔසවා තබන්න. පහත් කිරීම නවත්වන්න.’’ යනුවෙන් ගේල් සඳහන් කරයි.
‘‘මම ලොව පුරා සංචාරය කර මා කෙරෙහි වාර්ගික ප‍්‍රකාශ අත්විඳින්නේ මා කළු නිසා. මාව විශ්වාස කරන්න, මමත් ඒ ලැයිස්තුවේ දිගින් දිගටම ඉන්නවා. ජාතිවාදය පාපන්දු ක‍්‍රීඩාවේ පමණක් නොව ක‍්‍රිකට් ක‍්‍රීඩාවේද තියෙනවා. කළු ජාතිකයෙකු ලෙස කණ්ඩායම තුළ වුවද මම ආඩම්බරයෙන් ඉන්නේ. කළු ජාතිකයෙක් කියන්න මට ආඩම්බරයි.’’
ක‍්‍රිස්ගේල් පවසන ජාතිවාදය යළිත් මතුවුයේ ඇමරිකානු සුදු පොලිස්කාරයන් නිසාය. අදාළ සිද්ධියට සම්බන්ධ වූ පොලිස් නිළධාරියා අත්අඩංගුවට ගෙන මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරා තිබේ. කළු ජාතිකයාව අවාසනාවන්ත ලෙස ජනතාව ඉදිරියේ බෙල්ල සිරකර මැරීම වෙනුවෙන් ඇමරිකානු ජනතාව දැවැන්ත විරෝධතාවක නියැලී සිටිති. පොලිසියෙන් වුණ අසාධාරණය වෙනුවෙන් සමාජය ඉදිරියේ ඇමරිකානු පොලිස් නිලධාරීන් සමාව අයැද සිටියද තවමත් විරෝධතාවල අඩුවක් නැත. එබැවින් ඇමරිකානු ජනාධිපතිද ධවල මන්දිරයේ බංකරයක් තුළ ආරක්ෂිත රැුකවරණය ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.