මහේල ඇඟිල්ල දිගු කළත් ක‍්‍රිඩා ඇමැති එසේ නොකරයි

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇගිල්ල දිගු කළද ක‍්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ තමන් කිසිවෙකුට ඇගිල්ල දිගු නොකරන බවයි.
‘‘පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කඩා වැටීම සම්බන්ධව කාටවත් ඇගිල්ල දිගු කරන්න මා සූදානම් නෑ. ඒ කඩා වැටීමේ විත්තිකරුවන් කවුද කියන්න මා උත්සහ කරන්නෙත් නෑ විත්ති කූඩුවේ කවුරු හිටියත් නැතත් අපට පිළිගන්න වෙලා තියෙනවා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අර්බුදයක ලක්ව ඇති බව. ඒ අර්බුදයේ ප‍්‍රකාශනය අපට දැන් ඉදිරිපත් වුණා. පසුගිය 19 න් පහළ ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අපේ කණ්ඩායම නව වැනි ස්ථානය. ශූරතාව දිනා ගත්තේ කවුද? ළාබාල ටෙස්ට් වරම් දිනු බංග්ලාදේශය. එය අපේ පාසල් ක‍්‍රිකට් මනින එක දර්ශකයක්. අප ඉන්න තැන පිළිබඳ වැටහීමක් එයින් ගන්න පුළුවවන්. අපේ වගකීම ඉතිහාසයට ඇගිල්ල දිගු නොකොට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග එකතු වෙලා අලූත් වැඩ පිළිවෙලක් සමග ඉදිරියට යන්න. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒ සඳහා සූදානමින් සිටිනවා. පාසල් ක‍්‍රිකට් නැංවීමට දැන් මාර්ග සිතියක් සකස් කොට තියෙනවා.’’
ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ ඉල්ලීම මුදල් ලබාදීමට ඉදිරිපත් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 4,500,000 ක මුදලක් වැය කරන ලදී. මීට අමතරව කොරෝනා වසංගතය කාලයේදී රජයේ කොරෝනා අරමුදලට රුපියල් මිලියන 25 ක්ද, සෞඛ්‍ය අංශයට පී.සී.ආර්. යන්ත‍්‍ර ලබාගැනීමට රුපියල් මිලියන 15 ක්ද ලබාදුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ටද ආධාර කිරීම විශේෂත්වයකි.
‘‘පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ආත්මීය කඩා වැටීමක් ඇති බව කිව යුතුයි.එහි ප‍්‍රකාශනයක් ලෙස ඔබගේ ප‍්‍රශ්න ඉදිරිපත් වුණා. එහි ප‍්‍රකාශනයක් ලෙස ඔබගේ ප‍්‍රශ්න ඉදිරිපත් වුණා. ක‍්‍රීඩාංගණයේ ලකුණු පුවරුව ක‍්‍රියාත්මක වෙනවා වගේ මේ ප‍්‍රශ්නවලට විසඳුම් දෙනවා කියන්න මා සුදානම් නැහැ. නමුත් අපට පුළුවන් උපරිම දේ ලබාදීමට මේ හමුවීම උපයෝගී කරගන්නවා. ඉතිහාසයේ පළමු වරට එක සංවාද මණ්ඩපයකදී අප හමුවීම ඉතාම වැදගත්. පින්නවල මහා විදුහලෙන් පටන්ගෙන මහනුවර මදීනා විදුහලෙන් ප‍්‍රශ්න යොමුවීම අවසන් වුණා.’’ යැයි ක‍්‍රීඩා ඇමැතිවරයා සඳහන් කර සිටියේය.
පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව මේ වන විට කරගෙන යනු ලබන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ලබානෙ මූල්‍යමය ශක්තියෙන් වන අතර ඔවුන් වසරකට රුපියල් මිලියන 18ක් පාසල් ක‍්‍රිකට් සංගමයට ලබාදෙයි. එය මෙම වසරේ සිට රුපියල් මිලියන 25 දක්වා වැඩි කර ඇති අතර ඊට අමතරව පසුගිය වසර කිහිපය තුළදී රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් පාසල් ක‍්‍රිකට් වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වැයකර ඇතැයි පාසල් ක‍්‍රිකට් සංගමය සඳහන් කරයි.
කොතරම් මූල්‍යමය ශක්තිය ලබාදුන්නද ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අද ස්ථාවර මට්ටමක නොමැති බැවින් ඊට ගැටලූ සෙවීම වෙනුවෙන් මහේල ජයවර්ධන, රොෂාන් මහානාම ඇතුළු පිරිසක් පසුගිය වසරේ සැලැස්මක් සකස් කළේය. කෙසේ වෙතත් පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ තවදුරටත් ඇති ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ක‍්‍රීඩා ඇමැතිරයා සියලූම පාසල් විදුහල්පතිවරුන්ගේ සහ පුහුණුකරුවන්ගේ මෙන්ම ආචාර්්‍යවරුන්ගේ ගැටලූ විසඳීම සම්බන්ධව ක‍්‍රීඩා අමාත්‍යාංශ විශේෂ ඒකකයක් පත්කර තිබේ.