කාලෙකට පස්සෙ කට්ටිය දැක්කේ…

.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දින 82 කට පසුව කණ්ඩායම් පුහුණුව ආරම්භ කිරීමට මෙම මස 1 වැනිදා කටයුතු කළේය. නමුත් පළමු දිනයේදී ඔවුන්ට තිබුණේ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට ඇහුම්කන් දීම, ජිම් යෑම සහ පිහිණුම් තටාකයේ ශරීර යෝග්‍යතාව වෙනුවෙන් වැඩ කිරීමය. අනතුරුව අද (02 * කලකට පසු ක‍්‍රීඩාංගණයේදී පන්දු රැුකීම සහ පන්දු යැවීමේ පුහුණුව ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී සමත් විය.
එහිදී ක‍්‍රීඩකයන් 13 දෙනෙක් සහ පුහුණුකරුවන් ඇතුළු සිව්දෙනකු එක්ව සිටි අතර දින 12 ක නේවාසික පුහුණුවේ දෙවැනි දිනය බවට මෙය පත්විය. ක‍්‍රීඩකයන් කාණ්ඩ දෙකකින් පුහුණුවීම් කරන අතර අනෙක් කණ්ඩායම මෙම කණ්ඩායම් පුහුණුවෙන් පසුව පුහුණුව ආරම්භ කිරීමට නියමිතය.