කොළඹට සහ මහනුවරට ජය

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ ඩයලොග් ආසිආටා අනුග‍්‍රාහයෙන් කි‍්‍රයාත්මක වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ඊයේ (26 දා) පැවැති තරග දෙකේදී ජයග‍්‍රහණ වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම සමත් විය. එ් පිළිවෙළින් යාපනය කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම පරාජයට පත් කරමිනි.

කොළඹ එස්.එස්.සී  කී‍්‍රඩාංගණයේදී පැවැති ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම අතර තරගයේදී කඩුලූ 6ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 8ක් දැවී ලකුණු 246ක් රැුස් කළේය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය මහනුවර කණ්ඩායම පන්දුවාර 39.4කදී කඩුලූ 4ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් විය.

මහනුවර ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සම්බන්ධතාවක් එක් කළේය. වේගවත් පිතිහරඹයක නියැළුණු දික්වැල්ල එහිදී පන්දු 45කදී ලකුණු 69ක් වාර්තා කිරීමට සමත් විය. ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් කිරීමට ඔහු වග බලා ගත්තේය.

පැතුම් නිස්සංක පන්දු 45කදී ලකුණු 32ක් ලබා සිටියදී මහනුවර ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත්කිරීමට ෂිරාන් ප‍්‍රනාන්දු සමත් විය.

මහනුවර ඉනිම ජයග‍්‍රාහි මාවතට කැඳවාගෙන ආ කමිඳු මෙන්ඩිස් පන්දු 45කදී නොදැවී ලකුණු 57ක් වාර්තා කළේය. එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ මහනුවර නායකයාගේ ආරාධනයෙන් ඊයේ පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ යාපනය ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 28කට සීමා කිරීමට නිපුන් රන්සික සමත් විය. එ් අනුව සදීර් සමරවික‍්‍රම පන්දු 23ක්දී ලකුණු 18ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

ළහිරු තිරිමාන්න නං`ගුරම් ඉනිමක් දියත් කරමින් පන්දු 74කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 74ක් ලබා සිටියදී නිපුන රන්සිකගේ පන්දුවක් හමුවේ සහන් ආරච්චිගේ අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය.

ජනිත් ලියනගේ පන්දු 63කින් ලකුණු 41ක් සහ සන්තුෂ් ගුණතිලක පන්දු 50කින් ලකුණු 45ක් රැුස් කළේය.

මේ අතර කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැති අශාන් ප‍්‍රියංජන්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සහ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම අතර තරගයෙන් කඩුලූ 7ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය.

ලකුණු 144ක පහසු ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම පන්දුවාර 20.4කදී කඩුලූ 3ක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් විය. කුසල් මෙන්ඩිස් පන්දු 44කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 67ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 52ක් පන්දු 46ක් තුළදී රැුස් කළේය.

දඹුල්ල වෙනුවෙන් ලකුණු 41ක් වාර්තා කිරීමට ලසිත් අබේරත්න සමත්වූ අතර ඊට හතරේ පහර 7ක් ද එල්ල කිරීමට ඔහු සමත් විය. අශාන් පි‍්‍රයංජන් පන්දු 25කදී ලකුණු 31ක් රැුස් කළේය.

ප‍්‍රභාත් ජයසූරිය ලකුණු 35කට දඹුල්ල ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමූ අතර කලන පෙරේරා සහ චරිත් අසලංක කඩුලූ 2ක බැගින් බිඳ දැමීය.

ලකුණු සාරාංශය

යාපනය සහ මහනුවර

යාපනය කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 8ක් දැවී ලකුණු 246යි (ළහිරු තිරිමාන්න 56, ජනිත් ලියනගේ 41, සන්තුෂ් ගුණතිලක 45, ධනංජය ද සිල්වා 28, ඉෂාන් ජයරත්න 19, නිපුන් රන්සික 41/3, අසිත ප‍්‍රනාන්දු 51/2, පුලින තරංග 44/2, කමිඳු මෙන්ඩිස් 36/1)

මහනුවර කණ්ඩායම පන්දුවාර 39.4කදී කඩුලූ 4ක් දැවී ලකුණු 247යි (නිරෝෂන් දික්වැල්ල 69, පැතුම් නිස්සංක 32, කමිල් මිෂාර 34, කමිඳු මෙන්ඩිස් (නොදැවී) 57, සහන් ආරච්චිගේ (නොදැවී) 28, ෂිරාන් ප‍්‍රනාන්දු 33/2, ජෙෆ්රි වැන්ඩසේ 52/1, නුවන් ප‍්‍රදීප් 65/1)

දඹුල්ල සහ කොළඹ

දඹුල්ල කණ්ඩායම පන්දුවාර 40කදී සියලූදෙනා දැවී ලකුණු 143යි (ලසිත් අබේරත්න 41, අශාන් ප‍්‍රියංජන් 31, පවන් රත්නායක 19, ප‍්‍රභාත් ජයසූරිය 35/3, කලන පරේරා 18/2, චරිත් අසලංක 19/2,)

කොළඹ කණ්ඩායම පන්දුවාර 20.4කදී කඩුලූ 4ක් දැවී ලකුණු 144යි (කුසල් මෙන්ඩිස් 67, චරිත් අසලංක (නොදැවී) 52, නුවන් තුෂාර 19/1)