2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධව පොලිස් විමර්ශන ඒකකයට පැමිණිල්ලක්

වසර 2011දී ඉන්දියාවේ මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය මුදලට හෝ වෙන යම් දෙයකට පාවා පවාදුන් බව එවක හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ හෙළිදරව් පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ඊයේ ලිඛිත පැමිණිල්ලක් භාර දෙයි.

හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ හෙළිදරව්ව මාධ්‍ය මගින් දුටු වත්මන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඒ පිළිබද පූර්ණ අවධානය යොමු කර මේ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම් කේගඩීගඒස්ගරුවන්චන්ද්‍ර මහතා වෙත දැනුම් දී ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2019අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව වහාම මේ පිළිබදව විමර්ශනයක් කොට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස පැමිණිල්ලෙන් දන්වා තිබේග මෙම පැමිණිල්ල විභාග කරන ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මෙම සිද්ධියට අදාල සියලු පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කොට අවශ්‍ය නීතිමය පියවර ගැනීම වහාම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මේ සම්බන්ධ විමර්ශන කඩිනමින් ආරම්භ කරන ලෙසත් විමර්ශනවල ප්‍රගතිය පිළිබද සෑම දින 14කට වරක්ම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට දැනුම්දී ඇත.

”අපි 2011දී පැවැති ලෝක කුසලානය වික්කාග මං ඒක වගකීමෙන් කියන්නේ ග පාවාදීමක් කරාග අවශ්‍යනම් ඒ පිළිබඳව ඕනෑම කෙනෙක් සමග විවාදයක් කරන්න මා සූදානම්ග මේ පාවාදීමට ක්‍රීඩකයන් සම්බන්ධ නෑග හැබැයි කිසියම් පාර්ශවයක් මේ පාවාදීමට සම්බන්ධ වෙලා කටයුතු කළ බවට තොරතුරු තිබෙනවාග මේ ප්‍රකාශය මා කරන්නේ වගකීමෙන් යුතුවයි” අලුත්ගමගේ මහතා පවසා තිබිණි.

පරාජයට පත්වූ අවසන් මහා තරගයට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස තමන්ගේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලබා නොගෙන ක්‍රීඩකයින් සිවු දෙනකු ක්‍රීඩා කළ බවත් එය තමන් දුටුවේ අවසන් මහා තරගය පැවැත්වෙන අතරතුර බවත් ඒ මහතා කරුණු ඉදිරිපත් කළේයග මේ සම්බන්ධ පැහැදිලි සාක්ෂි ගණනාවක් වගකිව යුතු ආයතන වෙත තමන් ඉදිරිපත් කළ බවත් ඉදිරියේදී මෙතෙක් හෙළි නොකළ තොරතුරු ගණනාවක් හෙළි කිරීමට සුදානම් බවත් අලුත්ගමගේ මහතා සදහන් කළ බැවින් ඉදිරියේදී ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ඒ මහතාගේ සහය දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

හිටපු ඇමැතිවරයාගේ ප්‍රකාශය අනුව එම අවසන් තරගයට සහභාගීවූ ක්‍රීඩකයින් මෙම පාවාදීමට සම්බන්ධ නැති බව පැහැදිලිව සදහන් වුවද එම අවසන් මහා තරගයට සම්බන්ධවූ මහේල ජයවර්ධන හා එම තරගයේ නායක කුමාර් සංගක්කාර ප්‍රතිචාර දක්වා තිබිණිග ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තරග පාවාදීමක් වී ඇත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සියලු තොරතුරු ලබාදෙන ලෙසය.

වසර 2011 අප්‍රේල් 2 වැනිදා ඉන්දියාව සමග පැවති දිවා රාත්‍රී අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර් 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 274ක් ලබාගත් අතර ඉන්දියාව ඕවර් 48.2කදී කඩුලු 4කට ලකුණු 277ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේයග ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා ඉන්දියාවට පන්දුවට පහරදීමට ආරාධනා කළේ නම් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබූ බව එම අවසන් තරගයට ක්‍රීඩා කළ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙයට පෙර පවසා තිබිණි.