හැටදහසක් එන එංගලන්තයේ ලොකුම මැරතන් තරගයත් අවලංගුයි

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හැට දහසකටකට ආසන්න තරගකරුවන් තරග වැදීමට නියමිතව තිබූ මහා බි‍්‍රතාන්‍යයේ උතුරු මැරතන් තරගය අවලංගු කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
තරගයේ නිර්මාතෘ බ්‍රෙන්ඩන් ෆොස්ටර් පවසන්නේ, ‘විනාශකාරී’ සිදුවීමක්. මේ වසරේ 40 වැනි වසරට තමයි තරගය සංවිධානය කරන්න හිටියේ. ඒක මෙතෙක් බි‍්‍රතාන්‍යයේ පැවැති විශාලතම මැරතන් තරගය වශයෙන් අපි හැටදහසක් සහභාගි කරගන්න බලාපොරොත්තු වුණා. ඉතාමත් කණගාටුදායකයි. අපේ බොහෝ බලාපොරොත්තු සුන් වී ගියා. නමුත් තරගාවලිය පැවැත්වීමට නොහැකි වන්නේ මන්දැයි සැවොම තේරුම්ගත යුතුයි.’ යනුවෙනි.
මෙම මැරතන් තරගය ලබන සැප්තැම්බර් මස 13 වැනි දින පැවැත්වීමට නියමිතව තිබුණි. අර්ධ මැරතන් තරගයට සමගාමීව පවත්වන කනිෂ්ඨ මිනී මැරතන් තරගද කල් දමා තිබේ. ලොව මැරතන් තරග අතරින් වඩාත් අවධානයට පාත‍්‍ර වූ ‘උතුරු මැරතන්’ තරගය මේ වසරේ අවලංගු වීමෙන් එහි සංවිධායකයන් දැඩි සිත්තැවුලට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.