ජාතික ක‍්‍රිකට් සංචිතයේ සියල්ලෝම පුහුණු අරඹති

කොරෝනා වසංගතය හමුවේ සියලූම ක‍්‍රීඩකයන් ගෙන්වා පුර්ණ පුහුණු සැසි ආරම්භ කිරීමට ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් තීරණය කර ඇති අතර ඒ අනූව ලබන 22 වැනිදා සිට ක‍්‍රීඩකයන් 24 දෙනකුගේ සංචිතයක් දින දහයක නේවාසික පුහුණුවක් පවත්වනු ලබයි.
මීට පෙර ඉකුත් ජුනි පළමු වැනිදා සිට ක‍්‍රීඩකයන් 13 දෙනෙකුගේ සංචිතයක් පමණක් දින 12 ක නේවාසික පුහුණුවක් කොළඹ සී.සී.සී. ක‍්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුද ඒ සඳහා සහභාගි වු බහුතරයක් පන්දු යවන්නෝ වෙති. නමුත් ලබන 22 වැනිදා ආරම්භ කරන පුර්ණ පුහුුණුවීම් සඳහා ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කී‍්‍රඩා කරන ක‍්‍රීඩකයන් සියලූම දෙනාව කැඳවා තිබේ.
මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දෙවැනි අදියර යටතේ පුර්ණ පුහුණුවීම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනූව ලබන 22 වැනිදා ආරම්භ වන එම පුහුණුවීම් නිමා ව්නේ ජූලි 02 වැනිදාය. මහනුවර හෝටලයක නවාතැන් ගන්නා ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලූම සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රියා පටිපාටියන් අනුගමනය කරමින් අදාළ කාළ සීමාවේදී පුහුණුව ලබනු ඇත.
අදාළ පුහුණු කාල සීමාව සඳහා ජාතික කණ්ඩායමේ සියලූම පුහුණුකරුවන් සහභාගි වේ. පසුගියදා කොළඹදි සිදුවු රිය අනතුරකින් පසුව කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ගත් පිතිකරණ පුහුණු ග‍්‍රාන්ට් ෆ්ලවර්ද මේ වන විට සුවය ලබා ඇති බැවින් ඔහුද සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතය. මේ අතර ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර්, අභ්‍යාස පුහුණුකරු දිල්ෂාන් ෆොන්සේකා, භෞතචිකිත්සක අජන්ත වත්තේගම, පන්දු රැුකීමේ පුහුණුකරු මනෝජ් අබේවික‍්‍රම සහ සම්භාහක රොහාන් ප‍්‍රියදර්ශනද කාර්්‍ය මණ්ඩලය වශයෙන් සහභාගි වේ.
ක‍්‍රීඩා විද්‍යායතනයේ උපදෙස් සහ රජයේ සෞඛ්‍ය උපදෙස් පිළිබඳ දැනුවත් කිරීමක් මෙම පුහුණුවට පෙරද ආරම්භ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඉකුත් මාර්තු මාසයෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර තරග සහ පුහුණුවීම් කිරීමට නොහැකි වුවද ඉදිරියේදී තරග රාශියකට ක‍්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
ඉන්දියානු කණ්ඩායම මෙම මස අගදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය හමුවේ ඔවුන්ට පුහුණුවීම් කිරීමට නොහැකි වීමෙන් තරගාවලිය ලබන අගෝස්තු මස දක්වා කල් දමා තිබේ. මේ අතර බංග්ලාදේශයද ලබන මසදී ටෙස්ට් තරග තුනකට සහභාගි වීමට ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද එම තරගාවලිය සම්බන්ධයෙන් තවමත් ස්ථිර එකඟතාවකට බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය පැමිණ නැත.
ශ‍්‍රී ලංකාවේ තත්ත්වය අනූව තරගාවලි පැවැත්වීමට හැකි වුවද බංග්ලාදේශයේ තවමත් එවැනි තත්ත්වයක් නොමැති වීමෙන් ලබන මස පැවැත්වෙන ටෙස්ට් තරගාවලියද කල් දැමීමේ වැඩි ඉඩක් පවතී. ‘‘අපිට බංග්ලාදේශය තවම තරගාවලිය කල් දානවා කියලා නැහැ. ඒ නිසා අපි කණ්ඩායම් පුහුණුව ආරම්භ කරමින් අපේ වැඩ කටයුතු කරනවා.’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි.
ලබන අගෝස්තු මාසයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වන අතර අනතුරුව සැප්තැම්බර් මසදී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වේ. ඉන් අනතුරුව ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානට සහභාගි වීමට නියමිත වුවත් එම තරගාවලිය පැවැත්වීම සම්බන්ධව තවමත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ස්ථිර අදහසක් ප‍්‍රකාශ කර නොමැත.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු සංචිතය
දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ඕෂධ ප‍්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප‍්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ළහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්