පාකිස්තානයට එරෙහිව තරගාවලිය දිනන හැටි ගුණතිලක කියයි

පළමු තරගය ජය ගැනීමෙන් පීඩනය පාකිස්තානය දෙසට යොමුවී ඇති බවින් තුන්වැනි තරගය තෙක් බලා නොසිට තරගාවලි ජය දෙවැනි තරගය ජය ගෙන වෙන්කර ගත යුතුබව ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පවසයි.
‘‘අපි කණ්ඩායමක් වශයෙන් හොඳ මානසිකත්වයකින් ඉන්නවා පළමු තරගය ජය ගැනීමෙන් පසුව. අපි පොඩි කණ්ඩායමක් වුණත් පාකිස්තානය ඔවුන් බලාපොරොත්තු නොවුණ ආකාරයට පරාජය වුණා. දැන් පීඩනය තියෙන්නෙ පාකිස්තානයට. අපි කතා කරලා සැලසුම් කළේ තුන්වැනි තරගය වන තෙක් තරගාවලි දිනුම ගෙනි යන්නෙ නැතිව අද තරගය ජය ගනිමින් තරගාවලියේ ශූරතාව දිනා ගන්න.’’
‘‘ඇත්තටම මම හිතන්නෙ ලෝක කුසලාන තරගාවලියට මාව තේරුණේ නැත්තෙ පළාත් තරගාවලියේදී මට ලකුණු අතරට එන්න බැරි වුණා නිසා වෙන්න ඇති. නමුත් මම ලෝක කුසලාන තරගාවලියද වෙනත් තරගාවලියද කියලා විශේෂත්වයක් නැතිව මට ලැබෙන ඕනෑම අවස්ථාවකදී කණ්ඩායමට සියයට සියයක් දෙන්න උත්සාහ කරනවා.’’
‘‘අපේ කණ්ඩායම අලූත් වුණත් සියලූ දෙනාම දැන් හොඳින් ක‍්‍රීඩා කරනවා. විශේෂයෙන් පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන් හොඳින් තරගකාරී මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ලොකු විශ්වාසයක් තියෙනවා අපිට තරගාවලිය දිනා ගන්න පුළුවන් කියලා.’’