මුරලිගේ වාර්තාවකට අශ්වින් සමවෙයි

ලොව වේගවත්ම ටෙස්ට් කඩුලූ 350 දවා ගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සමග සමවීමට ඉන්දියානු දඟ පන්දු යවන ක‍්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින් සමත් විය. ඔහු සහ මුරලි දෙදෙනාම 66 වැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 350 සටන් කරගෙන තිබේ. රවී චන්ද්‍රන් අශ්වින් පළමු ඉනිමේදී ඕවර 46.5 ක් යවමින් ලකුණු 145 කට කඩුලූ 7 ක් දවා ගත්තේය. ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු 44 කට එක් කඩුල්ලක් ලබා ගනිමින් අදාළ වාර්තාව පිහිටුවීමට සමත් විය.
33 හැවිරිදි රවීචන්ද්‍රන් අශ්වින් දකුණු අප‍්‍රිකාව සමග පැවැති තරගයේදී සිය 350 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත්තේය. රවී චන්ද්‍රන් අශ්වින් පළමු ඉනිමේදී ඕවර 46.5 ක් යවමින් ලකුණු 145 කට කඩුලූ 7 ක් දවා ගත්තේය. ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු 44 කට එක් කඩුල්ලක් ලබා ගනිමින් අදාළ වාර්තාව පිහිටුවීමට සමත් විය.
ලොව වැඩිම ටෙස්ට් කඩුලූ ලාභියාව වන මුත්තයියා මුරලිදරන් වේගවත්ම ටෙස්ට් කඩුලූ 400 දවා ගත් පන්දු යවන්නාද වේ. ඔහු ටෙස්ට් තරග 72 කදී එම දක්ෂතාව දක්වා තිබේ. මුරලි විසින් කඩුලූ 800 දක්වා වේගවත්ම කඩුලූ ලාභියා වශයෙන් මේ වන විට වාර්තාවක්ද පිහිටුවා තිබේ.
ටෙස්ට් තරග 66 කදී රවීචන්ද්‍රන් අශ්වින් සිය 350 වැනි කඩුල්ල දවා ගත්තේය. ඔහු මෙතෙක් සහභාගි වු ටෙස්ට් තරග 66 කදී පන්දු 18870 ක් යවමින් ලකුණු 8889 කට කඩුලූ 350 දවා ගෙන තිබේ. ඒ අතරවාරයේදී කඩුලූ පහ බැගින් දවා ගත් අවස්ථා 27 ක් සහ සමස්ත තරගයකදී කඩුලූ දහය බැගින් දවා ගත් අවස්ථා 7 ක් සටහන්ව තිබේ.