කණ්ඩායමට ඇති අභියෝගය ගැන දිමුත් කියයි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගිලිහී ගිය විශ්වාසය ඇති වී ඇති බවත් අතිරේක ක‍්‍රීඩකයන් දක්ෂතා දැක්වීම තුළින් කණ්ඩායමට ක‍්‍රීඩා කරන සියලූම කී‍්‍රඩකයන්ට ඉදිරියේදී සිය දක්ෂතාව පැවැත්වීම සම්බන්ධයෙන් අභියෝගයක් එන බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
‘‘අපි බැලූවොත් මේ ක‍්‍රීඩකයන්ට වඩා තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා ඇතුළට එන්න බැරිව. දික්වැල්ල, දනුස්ක ගුණතිලක වගේ අය. හැම තිස්සෙම කී‍්‍රඩකයකුට පීඩනය දෙන්න ඕන ඒ අයට දක්ෂතා අතරට එන්න ඕන කියලා. අපිට හොඳ අතිරේක ක‍්‍රීඩකයන් හිටියොත් ඒක අනිත් ක‍්‍රීඩකයන්ටත් දක්ෂතා දක්වන්න අභියෝගයක් වෙනවා. එහෙම අතිරේක ක‍්‍රීඩකයන් පසුගිය කාලයේ නොසිටි එක තමයි තිබුණ අඩුපාඩුව. මම හිතන්නෙ දැන් එහෙම අතිරේක ක‍්‍රීඩකයන් ඉන්නවා කියලා.’’
බංග්ලාදේශ සංචාරයෙන් ගොඩනගා ගත් විශ්වාසය ඉදිරියටම පවත්වාගෙන යෑමට නම් නවසීලන්තය සමග තරගාවලිය ජය ගත යුතු බවද දිමුත් කරුණාරත්න පවසයි.
‘හැම අතිරේක ක‍්‍රීඩකයෙක්ම ලෑස්ති වෙලා ඉන්නෙ අවස්ථාව ආපු ගමන් දක්ෂතා දක්වන්න. මම සතුටු වෙනවා තුන් වැනි තරගය කී‍්‍රඩා කරපු ක‍්‍රීඩකයන් හතරෙ දෙනාම ඔවුන්ට ලැබුණ අවස්ථාවෙන් දක්ෂතා පෙන්නපු එකට. ඔවුන් උපරිම අවස්ථාව ගත්තා. මොකද තව කට්ටිය ඉන්න බලාගෙන. දැනට ගහන 11 දෙනාටත් ලොකු පීඩනයක් තියෙනවා ඊළඟ තරගාවලියේ ඉදලා. මොකද කණ්ඩායමේ බංකුවේ ඉන්න ක‍්‍රීඩකයන් දක්ෂතා දක්වන නිසා.’’