ඉන්දියාවේ පොඩි සචින්ට තහනම් උත්තේජක චෝදනාවක්

ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු 19 හැවිරිදි ප‍්‍රිතිව් ෂෝට තහනම් උත්තේජක චෝදනාවක් එල්ලවීමෙන් නොවැම්බර් මස 15 වැනිදා තෙක් ක‍්‍රිකට් තරග තහනමක් පනවා තිබේ. දක්ෂත පිතිකරුවකු වන මොහු හිටපු ඉන්දියානු පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් මෙන් අනාගතයක් ඇති බවත් වත්මන් සචින් යනුවෙන්ද බොහෝ දෙනා හඳුන්වනු ලබයි.
ටෙස්ට් තරග දෙකකට පමණක් ක‍්‍රීඩා කර ඇති ප‍්‍රිතිව් ෂෝ ඊට පසුව ඇතිවු ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ අතර එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන්ද ඔහුව තහනම් උත්තේජක චෝදනාව නිසා ඉවත් කර තිබේ.
ඉන්දියාවේ ඉන්දෝරේ හී පැවැති තරගයකදී කැස්ස වෙනුවෙන් භාවිතා කරන ලද සිරප් වර්ගයකින් ප‍්‍රිතිව් ෂෝට තහනම් උත්තේජක ඇතුළුවී ඇති බව වාර්තා වේ. නමුත් ප‍්‍රිතිව් ෂෝ පවසන්නේ තමා වරදක් නොකළ බවත් කැස්ස සඳහා පමණක් බෙහෙත් ලබා ගත් බවයි.
ටෙස්ට් තරග දෙකකදී ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ඇති ප‍්‍රිතිව් ෂෝ පළමු පෙළ තරග 18 කදී ශතක අටක් සහ අර්ධ ශතක අටක් සමග මුළු ලකුණු 1767 ක් ලබා ඇත්තේ සාමාන්‍ය 60.93 ක් වශයෙන් සටහන් කරමිනි.