දිමුත් , කුසල් හොඳම ටෙස්ට් පිතිකරු සම්මානයට නිර්දේශ වේ.

ලොව ප්‍රකට ක්‍රිකට් සම්මාන උළෙලක් වන ක්‍රික් ඉන්ෆෝ (www.espncricinfo.com) වාර්ෂික සම්මාන උළලේ හොඳම ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් නිර්දේශ වී ඇත.


දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ලේ පැවැති තරඟයේදී නොදැවී ලකුණු 158 ක් රැස් කර ගත් නිසාවෙන් ඔහු මේ සඳහා නිර්දේශ වී ඇති අතර නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් හි පැවැති පළමු ටෙස්ට් තරඟයේදී නොදැවී රැස්කළ ලකුණු 141 වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ද මෙම සම්මානයට නිර්දේශ වී ඇත.

 

2018 වර්ෂයේ ජ්‍යාත්‍යන්තර ටෙස්ට් තරඟ තුල ක්‍රීඩා කල විශිෂ්ඨ ඉනිම් සැලකිල්ලට ගෙන ක්‍රීඩකයින් දසදෙනකු(10) තෝරා පත කරගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස්ට අමතරව දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස් , එංගලන්තයේ ජෝ රූට් සහ සෑම් කරන් , අයර්ලන්තයේ කෙවින් ඔබ්‍රයන් , ඔස්ට්‍රේලියාවේ උස්මාන් කවාජා , නවසීලන්තයේ කේන් විලියම්සන් සහ ඉන්දියාවේ විරාට් කෝලි සහ චෙටිවර් පුජාරා යන ක්‍රීඩකයින් නිර්දේශ වී ඇති බව සඳහන්.

 

වැඩි දුරටත් තොරතුරු ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට  පිවිස ලබා ගන්න.

                                              👇
http://www.espncricinfo.com/awards2018/content/story/1169242.html
සටහන : නුවන් ජයතිස්ස