ආසියානු යොවුන් පැරා ශූරතාවලියට ශ්‍රීලංකාවෙන් 08ක් ඩුබායි යයි

දෙසැම්බර් 10 සිට 14 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන 03 වැනි ආසියානු යොවුන් පැරා තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රීලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දෙසැම්බර් 08 වැනිදා ඩුබා‍යි බලා යාමට නියමිතය.

වයස අවුග 20 ට අඩු විවිධ ආබාධ සහිත ආසියානු රටවල් 40ක 600 කට අධික පිරිසක් මෙවර තරඟාවලිය සඳහා ඩුබායි වෙත පැමිණීමට නියමිත අතර ශ්‍රීලංකාව මළල ක්‍රීඩා හා පිහිණුම් යන ඉසව් දෙක සඳහා තරඟ වදිනු ඇත. තරඟ ඉසව් 10කින් සමන්විත මෙවර තරඟාවලිය වෙනුවෙන් පවත්වන සෙසු ඉසව් වනුයේ බොක්සියාල ගෝල් බෝල්ල දුනු ශිල්පයල චෙස්ල බැඩ්මින්ටන්ල 10 පින් බෝලිංල සවි එසවීම හා ටේබල් ටෙනිස් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ යෝෂිත ප්‍රභාත් : ටී54 කාණ්ඩය – 2013 වසරේ මැලේසියාවේදී පැවැති 02වැනි ආසියානු යොවුන් පැරා තරඟාවලියේදී හෙල්ල විසිකිරීමල යගුලිය දැමීම හා මීටර් 100 දිවීමෙන් ලෝකඩ පදක්කම් 03ක් දිනා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම
පීගඩබ්ග ප්‍රදීප් සෝමසිරි : ටී46 කාණ්ඩය මීග200ලමීග400 -ල යූගඩී යෝෂිත ප්‍රභාත් : ටී54 හෙල්ල විසිකිරීම ල යගුලිය දැමීමල මීග 100 -ල ඒගඑල්ග අයිගබීග ලියනගේ : ටී46 මීග100ල මීග200ල දුර පැනීම -ල එන්ගඑම්ගඅයේෂා දමයන්ති : ටී42 යගුලියල හෙල්ලල කවපෙත්ත -ල ඩීගජීගරසාංජලී අනුපමා : එම්ගආර්ගඅයිග මී400ල මී1500ල දුර පැනීම -ල කේගඒග නිරෝෂා දිල්හානි : අඟල් 25 කාණ්ඩය මීග100ල කවපෙත්තල යගුලිය -ල නවීඩ් රහීම් : එස්ග44 මීග100 නිදහස් ල සමනළ හා පසුපස ආර –

මීට අමතරව කණ්ඩායම් කළමණාකරු ලෙස ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම් ලුතිතන් කර්නල් ධනංජය අළුදෙනිය මහතාල මලල ක්‍රීඩා භාර හා කාන්තා කළමණාකාරිය ලෙස ජාතික පැරාලිම්පික් කමිටුවේ ක්‍රීඩා ප්‍රවර්ධන නිළධාරිනී නාලිනී රණසිංහ මෙනවියල මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස ජීඩී.නෙල්සන් මහතා හා පිහිණුම් පුහුණුකරු ලෙස එල්ගවීගප්‍රනාන්දු මහතාත් ශ්‍රීලංකා කණ්ඩායම හා ඩුබායි බලා යාමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යාංශය මෙම කණ්ඩායමට පූර්ණ අනුග්‍රහය දක්වයි.