ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් ශූරයෝ

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරන ලද ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 15 න් පහළ දක්ෂතම ප්‍රහාරිකාව ලෙස හුංගම විජයබා ජාතික පාසලේ සුරේකා දිල්ෂානි සම්මාන ලැබූ අතර දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය අම්පාර උහන තිස්සපුර විද්‍යාලයේ අමන්දි භාග්‍යා දිනා ගත්තාය.
වයස අවුරුදු 15 න් පහළ බාලක තරගාවලියේ දක්ෂතම ප්‍රහාරකයා ලෙස රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ එන්.ජී.කවිෂ්ක මධුෂංක සම්මාන ලැබූ අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාරවිල ශාන්ත සර්වියස් මධ්‍ය මහා විදුහලේ එම්.ඒ.හිරූෂ ගනිදු ලක‍ෂාන් සම්මාන ලැබීය.
අදාළ වයස් කාණ්ඩයේ පිරිමි ශූරතාව අම්පාර උහන තිස්සපුර විද්‍යාලයටත් අනුශූරතාව හුංගම විජයබා ජාතික පාසලටත් හිමිවිය. එම වයස් කාණ්ඩයේ බාලක ශූරතාව මාරවිල සාන්ත සර්වියර්ස් මධ්‍ය මහා විද්‍යාලයටත් අනුශූරතාව රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයටත් හිමිවිය.
වයස අවුරුදු 19 න් පහළ තරගාවලියේ බාලක ශූරතාව නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයටත් අනුශූරතාව රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයටත් හිමිවිය. එම වයස් කාණ්ඩයේ දක්ෂතම ප්‍රහාරකයා ලෙස නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය විදුහලේ නුනන් දිල්ෂාන් සම්මාන ලැබූ අතර දක‍ෂතම ක්‍රීඩකයා ලෙස රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ සංඛ ජයරත්න තේරී පත්විය. තරගාවලියේම දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාත්තන්ඩිය ධම්මිස විදුලේ මහේල බණ්ඩාර තේරී පත්විය.
වයස අවුරුදු 19 න් පහළ බාලිකා ශූරතාව ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයටත් අනුශූරතාව විජයබා ජාතික පාසලටත් හිමිවිය. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සචිනි ප්‍රේමරත්නද සම්මාන දිනාගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ එච්.පී.නිමේෂිකා සෙව්වන්දි සම්මාන ලැබීය.