ෆාරා ලෝක සම්මානයකට කිට්ටු වෙයි

ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා සම්මාන උළෙලේ 2017 ලෝක මලල ක‍්‍රීඩා ශූරයා සම්මානය සඳහා නිර්දේශිත අවසන් තිදෙනා අතරට එංගලන්තයේ මැරතන් ශූර මෝ ෆාරා ඇතුළත්ව තිබේ.
34 හැවිරිදි ෆාරා ඉකුත් අගෝස්තු මස ලන්ඩන් හී පැවැති ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවයේදී මී.10,000 රන් පදක්කමද දිනා ගෙන තිබේ. ෆාරාට අමතරව කටාර් රාජ්‍යයේ උස පැනීමේ ශූර මුටාස් බාර්සිම් සහ දකුණු අප‍්‍රිකාවේ ධාවන ශූර වෙයිඞ් නිකර්ක්ද අවසන් තිදෙනා අතරට ඇතුළත්ව තිබේ.
ලොව සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් ඉකුත් වසරේදී මෙම සම්මානය දිනා ගත් අතර එවරද ෆාරාගේ නම සම්මානය සඳහා යෝජනාවී තිබුණි. මෙවර ලොව සුපිරිම මලල ක‍්‍රීඩා තරුව සම්මානය මෝ ෆාරාට හිමිවීමේ වැඩි අවස්ථාවක් ඇති බව වාර්තා වන අතර අදාළ සම්මාන උළෙල ලබන 24 වැනිදා මොනාකෝ හිදී පැවැත්වේ.