
ශ‍්‍රී ලංකා පන්දු රකින්නන් අතින් සිදුවු අඩුපාඩු හේතුවෙන් නවසීලන්තය සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය කලින්ම 2-0 ක් වශයෙන් පරාජය විය. පළමු තරගය කඩුලූ පහකින් පරාජය වු ශ‍්‍රී ලංකාව දෙවැනි තරගය කඩුලූ හතරකින් පරාජයට පත්විය. එම තරග දෙකම අවසන් පන්දුවාරයේදී පරාජය වීම වේදනාවක් බව විස්සයි විස්ස උපනායක නිරෝෂන් දික්වැල්ල පවසයි.
‘‘ඇත්තටම අපි ගහපු ලකුණු ගාණ පන්දුවාර 16 කින් විතර නවසීලන්තය ගැහුව්වනම් අපි මදියි කියලා හිතන්න තිබ්බා. නමුත් අපි හොඳින් කරලා අවසන් පන්දුවාරයේදී තරග දෙකම පරාජය වීම ගොඩක් වේදනාත්මකයි. අවශ්‍යම වෙලාවෙදි පන්දු රැුකීමේදී අඩුපාඩු සිදුවුණා. මම හිතනවා ආයෙත් එහෙම වෙන එකක් නැහැ කියලා. මොකද අපේ ඉන්න හොඳම පන්දු රකින්නන් වන දසුන් ශානක අතිනුත් පන්දු ගිලිහී ගියා.’’
නවසීලන්තය සමග තරගය ජය ගැනීමට තවත් ලකුණු 10-15 ක ප‍්‍රමාණයක් ලබා ගත යුතුව තිබූ බවද නිරෝෂන් දික්වැල්ල පවසයි. ‘‘මම හිතන්නෙ තව ලකුණු 10-15 ක් විතර අපිට මදි වුණා. අපේ ඉන්න තරුණ ක‍්‍රීඩකයන් හොඳට කළා. ඒ වගේම අවසන් පන්දුවාරයේදී ෂෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් එකිනෙකා ගැටීමෙන් උඩපන්දුව අතහැරීමත් අවාසනාවක්.’’
ශ‍්‍රී ලංකාව වසරක් ඇතුළත පිට පිටම පරාජය වූ හත්වැනි විස්සයි විස්ස තරගයද මෙය වේ. නවසීලන්තය පිට පිටම ජය ගත් තෙවැනි විස්සයි විස්ස තරගාවලියද මෙය විය.
අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු හතක් නවසීලන්තයට අවශ්‍යව තිබියදී තීරණාත්මක පන්දුවාරය අතට ගත් වනි\ු හසරංග පළමු පන්දුවෙන්ම බෲස්ව දුවද්දී දවා ගත් අතර දෙවැනි පන්දුවෙන් ඩාර්ලි මිචෙල්ව දවා ගත්තේය. අනතුරුව සැනට්නර් ගැසු පහර ඞීප් මිඞ්විකට් හී සිටි ෂෙහාන් ජයසුරිය රැුක ගනිද්දී අනෙක් අන්තයේ සිට දුව ආ කුසල් මෙන්ඩිස් ඔහුගේ ඇගේ වැදීමෙන් ජයසූරියගේ සමබරතාව ගිලිහී ඔහු බිම ඇද වැටුණි. එය ලකුණු හයක් බවට පත්වීමත් සමග තරගය සම විය. මෙන්ඩිස් සහ ජයසුරිය දෙදෙනා ගැටීමෙන් ඔවුන් දෙදෙනාම ආබාධයකට ලක්වු අතර ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රාහී බලාපොරොත්තුවද එම ගැටීමත් සමග කෙළවර විය.