2019 වසරේ ගෝල්ඩන් ෆුට් සම්මානය රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේ ලුකා මොඩ්රිච්ට

2019 වසරේ ගෝල්ඩන් ෆුට් සම්මානය හිමි කර ගැනීමට රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේ ලුකා මොඩ්රිච් සමත් විය.

ඒ මොනැකෝහීදි පැවති සම්මාන උළෙලේදීයි.

17 වැනි වරට පැවති ගෝල්ඩන් ෆුට් සම්මාන උළෙල ඊයේ(12) මොනකෝහිදි පැවැත්වුණේ පාපන්දු ක්‍රීඩකයන් රාශියකගේ සහභාගීත්වයෙන්.

මෙවර මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ලුකා මොඩ්රිච්.

ගෝල්ඩන් ෆුට් සම්මානය පළමු වරට 2003වසරේදී ලබා දුන් අතර එම සම්මානය දිනා ගැනීමටද ක්‍රොඒෂියාවේ ක්‍රීඩකයෙක් සමත් විය.

ඉන්පසු ක්‍රොඒෂියාවේ ක්‍රීඩකයෙක් මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

පසුගිය වසරේදී මෙම සම්මානය දිනා ගත්තේ උරුගුවේ එඩින්සන් කවානි.