සන්කුවික් ජාතික බීච් වොලිබෝල් තරගාවලිය මීගමුව වෙරළ තීරයේදී

සන්කුවික්, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමග එක්ව වාර්ෂිකව සංවිධානය කරන ”සන්කුවික් ජාතික බීච් වොලිබෝල් තරගාවලිය” දෙසැම්බර් 20, 21 සහ 22 යන දිනවලදී මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ. එහිදී විවෘත, වයස අවුරුදු 20න් සහ 25 පහළ යන වයස් කාණ්ඩයන්ගෙන් කාන්තා හා පිරිමි තරග පැවැත්වේ. තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට ආකර්ෂණීය මුදල් තෑගි රැුසක් පිරිනැමීමට සන්කුවික් ආයතනය විසින් කටයුතු යොදා ඇත.
මෙවර 2019 සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතාවලිය හා සමගාමීව පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන්් සංගීත හා විවිධ ක‍්‍රීඩා සපිරි විනෝදාස්වාද වැඩසටහන් රැුසක්ද පැවැත්වේ.
ඩෙන්මාර්කය කේන්ද්‍ර කරගත්, සැබෑ පළතුරු යුෂ සාරයේ නැවුම් රස කැටිවූ සන්කුවික් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගත් අනගි පානයකි. ලොව වටා රටවල් 100කට අධික ප‍්‍රමාණයක, මිලියන ගණනක පාරිභෝගික විශ්වාසය දිනූ සන්කුවික්, ශ‍්‍රී ලංකාවේ බෙදාහැරීම සිදුකරනු ලබන්නේ සී ඩබ්ලියු මැකී සමාගමේ ස්කෑන් නිෂ්පාදන අංශයයි. සන්කුවික් ශ‍්‍රී ලංකාවේ පළතුරු යුෂ සහ කෝඩියල් වෙළෙඳපොළේ 68%කට වඩා වෙළෙඳපොළ ප‍්‍රතිශතයකට හිමිකම් කියයි. සන්කුවික් හඳුන්වා දුන් නවතම ටෙට‍්‍රා ඇසුරුම් පෙළ :ඍඔෘ* යටතේ ඔබේ ප‍්‍රියතම දොඩම් සහ මිශ‍්‍ර පළතුරු රසයෙන් 200පක සහ 125ක ප‍්‍රමාණයන්ගෙන් දැන් ලබාගත හැකිය. නවතම යුරෝපීය තාක්ෂණයෙන් පිරිපුන් සන්කුවික් නිෂ්පාදනාගාරය හොරණ නගරයේ ස්ථාපිත කොට ඇත.