අයි.සී.සී.යේ රතු කට්ට පන්නපු හිටපු ක‍්‍රිකට් තරු තුන කවුද

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තිදෙනකු සම්බන්ධව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂන විරෝධී ඒකකය විසින් පරීක්ෂණ පවත්වන අතර ඒ අනූව අදාළ ක‍්‍රීඩකයන් තිදෙනාව නුදුරේදීම හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නීති රීති සහ රහස්‍ය භාවය අනුව එම ක‍්‍රීඩකයන් තිදෙනාගේ නම් හෙළි කිරීමට නොහැකි අතර ඔවුන් විසින් අයි.සී.සී. දුෂන නීති සංග‍්‍රහය කඩ කර ඇති බවත් එහි අවසන් තීරණය නුදුරේදීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දෙනු ඇති බවත් සඳහන් වේ.
ක‍්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් පසුගියදා කිකට් ක‍්‍රීඩකයන් තිදෙනකු තරග පාවාදීම සම්බන්ධව අයි.සී.සී. ¥ෂණ විමර්ශණ ඒකකය විසින් පරීක්ෂණ පවත්වන බව පැවසුවද එහිදී වත්මන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කිසිවකුටත් එවැනි පරීක්ෂණයක් නොමැති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිවේදනය කරමින් සඳහන් කරයි. කෙසේ වෙතත් හිටපු ක‍්‍රීඩකයන් තිදෙනකුට එසේ පරීක්ෂන පැවැත්වෙමින් තිබේ.
පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන සනත් ජයසුරිය, අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සම්බන්ධව අයි.සී.සී, ¥ෂණ විමර්ශණ ඒකකය විසින් කරන ලද පරීක්ෂණවලට අනූව ඔවුන්ට තාවකාලික තහනමක් මේ වන විටත් පනවා තිබේ.