ජාතික රග්බි සංචිත තුනක් හදයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර රග්බි තරගාවලි ඉලක්ක කරමින් ශ‍්‍රී ලංකා රග්බි සංගමය විසින් ජාතික රග්බි සංචිත තුනක් නම් කර තිබේ. අදාළ සංචිත තුන පුහුණුවන ආකාරය පසුව සැලසුම් කිරීමට නියමිත අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කී‍්‍රඩා ක‍්‍රීඩා විද්‍යායතනයේ නිර්දේශ මත එම පුහුණුවීම් ආරම්භ වීමට නියමිතය.
ලෝක වසංගතයක් බවට පත්වු කොරෝනා වෛරසය හේතුවෙන් මාස තුනකට පසුව ජාතික සංචිතය යළිත් පිහිටුවීමට ශ‍්‍රී ලංකා රග්බි සංගමය කටයුතු කරනු ලැබුවේ ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් පුහුණුවීම් ආරම්භ කිරීමට පසුගියදා අවසර ලබාදීම හේතුවෙනි. අදාළ වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර රග්බි තරගාවලි කිහිපයක්ම කල් දැමිමට ආසියානු රග්බි සම්මේලනය කටයුතු කළේය.
ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම ඉදිරියේදී ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියකට සහභාගි වන අතර කාන්තා සහ පිරිමි සත් සාමාජික කණ්ඩායම්ද මේ වසරේදී තරගාවලි කිහිපයකටම සහභාගි වීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් එම තරගාවලි පවත්වන දිනයක් සම්බන්ධව ආසියානු රග්බි සම්මේලනය විසින් මෙතෙක් ප‍්‍රකාශයට පත් නොකළද සංචිතය පවත්වා ගැනීමේ අරමුණින් මෙම සංචිත තුන නම් කර තිබේ.
පහළොස් සාමාජිකයන් තරග වදින රග්බි තරගාවලි සඳහා 49 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබුණද එම පුහුණු සංචිතයට තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනකු ඉදිරියේදී එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. නම් කර ඇති සංචිතයට මහනුවර ක‍්‍රීඩා සමාජයෙන් ක‍්‍රීඩකයන් 15 දෙනෙක්ද හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයෙන් ක‍්‍රීඩකයන් අට දෙනෙක්ද පොලිස් ක‍්‍රීඩා සමාජයෙන් ක‍්‍රීඩකයන් අට දෙනෙක්ද සී.ආර්. ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩා සමාජයෙන් ක‍්‍රීඩකයන් අට දෙනෙක්ද යුද හමුදා ක‍්‍රීඩා සමාජයෙන් පස්දෙනෙක්ද නාවික හමුදාව නියෝජනය කරන දෙදෙනෙක්ද සී.එච් ඇන්ඞ් එෆ්සී කණ්ඩායමෙන් දෙදෙනෙක් සහ ගුවන් හමුදාවෙන් එක් ක‍්‍රීඩකයකු බැගින් ඇතුළත්ව තිබේ.
ශ‍්‍රි ලංකා සත් සාමාජික රග්බි සංචිතය තේරීම සඳහා 28 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති රග්බි තේරීම් කමිටුව කාන්තා සත් සාමාජික රග්බි සංචිතයේ පුහුණුව සඳහා 19 දෙනකුගෙන් යුත් කඳවුරක් නම් කර තිබේ.
ශ‍්‍රී ලංකා රග්බි සංචිතය
චාල්ස් ප‍්‍රවීන්, ලසිත අත්තනගොඩ, යාකූබ් අලී, දමිත් දිසානායක, මොහොමඞ් ශබීර්, ජේසන් දිසානායක, තරිඳු චතුරංග, බුවනෙක උඩංගමුව, රොශාන් වීරරත්න, නයිජල් රත්වත්තේ, තරින්ද රත්වත්තේ, බුද්ධිම පියරත්න, කවිඳු පෙරේරා, දන්ශ දයාන්, ෂෙහාන් පතිරණ, චරණ චාමිකර, අස්මිර් ෆජුඞීන්, උමේශ් මධුශාන්, ශව්කට් ලාහීර්, දයාන් සබාර්, විමුක්ති රාහුල, තීක්ෂණ දිසානායක, ෆයීස් අබ්දුල්ලා, ධනුෂ්ක එදිරිසූරිය, ළහිරු පවිත‍්‍ර, රසිත් සිල්වා, මොහාන් විමලරත්න, උදාර සූරියප්පෙරුම, වගීශ වීරසිංහ, ඉරෝශන් සිල්වා, සචිත් සිල්වා, ඔමල්ක ගුණරත්න, රාහුල් ද සිල්වා, කලිඳු නන්දිල, දිනුක් අමරසිංහ, රීසා රෆායිඞීන්, ජනිදු ඩිල්ශාන්, මුර්ශිඞ් සුබේයීර්, කෙවින් ඩික්සන්, ධනුක විජේතිලක, සුධාර දික්කුඹුර, චමීර සිල්වා, චමත් ප‍්‍රනාන්දු, අශාන් බණ්ඩාර, අදීශ වීරතුංග, චතුර සෙනවිරත්න, ජේසන් මෙල්ඩර්, සැමුවෙල් මධුවන්ත, ඉමේෂ් අපොන්සු
සත් සාමාජික රග්බි සංචිතය
රවිඳු හෙට්ටිආරච්චි, ඉරෝශන් සිල්වා, සචිත් සිල්වා, සුධාරක දික්කුඹුර, සුදම් සූරියආරච්චි, වාරෙන් වීරකෝන්, තුවාන් සුහේයිල්, හිරූෂ සම්පත්, රවීන් ප‍්‍රනාන්දු, කාවින්ද කේශාන්, අදීශ චතුරංග, චතුර සෙනවිරත්න, බුද්ධිම පියරත්න, දනුශ් දයාන්, ජේසන් දිසානායක, කවිඳු පෙරේරා, ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර, තරින්ද රත්වත්තේ, දිනුක් අමරසිංහ, ගැමුණු චේතිය, ජනිදු ඩිල්ෂාන්, කෙවින් ඩික්සන්, රීසා රෆායිඞීන්, ඔමල්ක ගුණරත්න, තුලායිබ් හසන්, සුබායීර් දොරේ, කළිඳු නන්දිල, සැමුවෙල් ඔග්බේබොර්
කාන්තා සත් සාමාජික සංචිතය
නිමේශා සුදර්ශනී, අයේෂා පෙරේරා, චරණි තීක්ෂණා, දිලිණි කාංචනා, දුලානි පල්ලේකොණ්ඩගේ, ශානිකා දිලානි, උමයංගනා තත්සරණි, දසුනි ද සිල්වා, ගයානි ගීතිකා, සංජීවනී විජේතිලක, නිපුණි වර්ශවිතාන, රන්දිකා කුමුදුමාලි, සමන්තා ජයමාලි, කුමාරි දිල්රුක්ෂි, සංජීවනී පෙරේරා, ජීවන්ති ගුණරත්න, අනුශිකා තුෂාරි, කාංචනා කුමාරි, අනූෂා අත්තනායක