මම ඔයාලාට වඩා අවුරුද 6 ක ඉස්සරහ දකින්න පුලුවන් ක්‍රීඩකයෙක් – මාලිංග

මාලිංග

නවක කණ්ඩායමක් ගිහිල්ලා විස්සයි-20 දින්නා. කොතරම් විශ්වාසයක් තියෙනවද කණ්ඩායම ගැන සහ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයත්

මං හිත්නනේ මට ගොඩක් සතුටුයි. එයාලා ගිහිල්ලා ලෝකෙ අංක 1 කණ්ඩායම පරාජය කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වුණු ඉදිරි අනාගතය ක්‍රිකට් සාර්ථක කරගන්න තවත් ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා කියලා මුලු ලෝකයටම පෙන්නලා ආවා. ඉතිං එහෙදි සහභාගිවෙන්න බැරි වුණේ අපේ ක්‍රීඩකයින් තුන් දෙනෙකුට පමණයි. මොකද කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වුණා. ඒ කියන්නේ එයා හොද වෙලා හිටියත් යන්න හම්බ වෙන්නේ නෑ. ඊට අමතරව සහභාගි වුණේ නැත්තේ කුසල් ජනිත් මම, නිරෝෂන් දික්වැල්ල. අවසන් තරගාවලිය ක්‍රීඩා කරපු. ඒක නිසා ක්‍රීඩකයින් තුන් දෙනෙකුගේ අඩුව අඩුවෙක් නොවෙයි කියලා පෙන්නලා ළාබාල ක්‍රීඩකයින් අත්දැකීම් අඩු වුණත් ඔවුන් හොඳින් ක්‍රීඩා කළා. මං හිතනවා ඒක තමයි මගේ බලාපොරොත්තුවත්. දැන් ශක්තිමත් හොද තරුණ විස්සයි-20 ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා ශ්‍රී ලංකාව සතුව. ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඔවුන් එය ක්‍රීඩා කළ ආකාරයට අනුව කඩුලු පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. මොකද කන්ඩිෂන් එක අනුව. ඉතිං ඒක නිසා වැදගත් වෙන්නේ එක තැනකින් පටන් ගත්තු දේ තව තැනකදී හොඳට කරන එක. ඉතිං ඒක නිසා මං හිතනවා ඔවුන්ගේ මානසිකත්වය හදාගෙන ඒ තණතීරුවලට හොඳින් මුහුණ දුන්නොත් මං හිතනව අපිට 2020 දී ලෝක කුසලානයට යන ගමන පැවැත්වෙන්නෙත් ඔස්ට්‍රේලියාවෙම. ඒක තමයි හොඳම ටෙස්ට් එක අපිට තියෙන. ඉතිං මං හිතනවා ඒක හොඳින් කළොත් ගොඩක් හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ සාර්ථක වෙන ක්‍රීඩකයින්ට ඉදිරියෙදී විස්සයි-20 කණ්ඩායමේ ස්ථානයක් ලබාගන්න.

වර්ල්ඩ් කප් එකට ටෙස්ට් එකක් කියලා. පූල් එක්ක යන්න ප්ලෑන් එකක් තියෙනවද…

මෙහෙමයි. ටී-20 තරගයක වල අපි නිතරම බලන්නේ තරගය පන්දුවාර 20 වුණත් ඒ පන්දුවාර 20 තුළ ඩිෂිසන් ගන්න එක ඕවර 50 තරගවලටත් ටෙස්ට් තරගවලටත් වඩා ඉක්මනින් කළ යුතු දෙයක්. එතකොට තරගය ජයග්‍රහණය කරවන්න තමන් ගන්න එක ඩිෂිෂන් එකක් ඇති වෙන්න පුලුවන්. එක නිසා ක්‍රීඩකයින්ගේ දක්ෂතා වගේම ඔවුන් ඒ අවස්ථාවේ ගන්න ඩිෂිෂන් එකත් හරියට බලපානවා තරගයේ තීරණයට. ඒක නිසා අපිට වැදගත් වන්නේ දක්ෂතාවය වගේම ඉන්ටලිජන්ට් එක. ඒ කියන්නේ ගේම් එකකදි හිතන විදිය ඔහු ගේම් එකක් හසුරුවන විදිය. ඉතිං හැම දේම බලලා තරග ජයග්‍රහණය කරවන්න පුලුවන් ඉන්ටලිජන්ට් ප්ලේයර්ල්ලා කණ්ඩායමේ 15 ක් තේරුවොත් අඩුම තරමේ කන්ඩායමේ 11 ක් 12 ක් අතර සංඛ්‍යාවක් ඉන්න ඕන. එතකොට 11 දෙනෙක් තෝරනකොට ඒ කණ්ඩායම තුළ තනියෙන් තරග දිනවීමේ හැකියාව තියෙන ක්‍රීඩකයින් අඩුම තරමේ 7 දෙනෙක්වත් ක්‍රීඩා කළ යුතුයි. ඉතිං ඒක නිසා අපි පසුගිය2017  තරගාවලිය ගත්තත් ඒ වගේ තමයි අපිට ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණේ. මගේ බලාපොරොත්තුව කවුරු නායකත්වය දැරුවත් ලෝක කුසලානය වෙනකොට ඒ වගේ හොඳ ක්‍රීඩකයින් ඉන්ටලිජන්ට් බුද්ධිමත් ක්‍රීඩකයින් පිරිසක් නිර්මාණය කරලා දෙන්න.”

ඔස්ට්‍රේලියානු කණ්ඩායම කොහොමද

ඔවුන් ශක්තිමත් කණ්ඩායමක්. එහෙම නැද්ද.. අවුරුදු දෙක තුනකට උඩදි ඔවුන් හොඳම කණ්ඩායමක්. නමුත් ඒ ඔවුන්ගේ හොඳම කණ්ඩායම නොවේ. ඒ තරගාවලියට ඔවුන්ගේ හොඳම කණ්ඩායම හිටියේ නෑ. ඔස්ට්‍රේලියාව ක්‍රිඩා කරනවා කියන්නේ ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඒ තරගාවලියෙදි අපි ඔවුන්ට එරෙහිව හොඳින්ම ක්‍රීඩා කළා.  නමුත් ඒ තරගාවලියට වඩා මේ තරගාවලියේදී වඩා වැඩි අභියෝගයක් ලැබෙයි. මොකද කියනවා නම් මේ තරගාවලියට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමට පැමිණ සිටින නිසා. නම් වශයෙන් බැළුවොත් ඒ කණ්ඩායම ඉතාම ශක්තිමත් කණ්ඩායමක්. නමුත් විශ්වාසයක් තියෙනවා අපිට ඔවුන්ට අභියෝගයක් කරන්න පුලුවන් කණ්ඩායමක් ඉන්නවා කියලා.

දුකක් තියෙනවා

නෑ. මං හිතන්නේ ඒක මගේ හොඳ පැත්තට මම ගන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් එකටත් හොඳ පැත්තට මම ගන්නේ. මම සහභාගිවුණා කියන එක තවත් එක ක්‍රීඩකයකුට අවස්ථාවක් ලැබීම නවතිනවා. ඒ වගේම ඉදිරියේදී මගේ ලොකු බලාපොරොත්තු නෑ.ඒ නිසා මගේ කෙටි කාලීන බාලපෙරොත්තු විතරයි තියෙන්නේ. ඒක නිසා මම නායකත්වය භාර ගන්නකොට කිව්ව දේ තමයි කවුරු නායකයා වුණත් හොඳ ටී-20 කණ්ඩායමක් 2020 වෙනකොට හදලා තියන්න ඕන කියන එක. ඉතිං ඒක ගත්ත උත්සාහයත් ගත්ත තීරණත් බලනකොට ඉතා සාර්ථක දෙයක්මම ඒකට සහභාගි නොවීම. අපිට අලුත් නායකකයෙග්ගො ගතිගුණ තියෙන හොඳ දක්ෂ නායකයකුත් හම්බවුණා කියන එක මම දැක්කා සමාජ ජාල වල කියන තියනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේ බැලුවම මම හිතනවා මම සහභාගිනොවී සිටීම ගැන ගොඩක් සතුටුයි. දසුන් ඒකෙ හොඳට කළා. කසුන් රජිත නුවන් ප්‍රදීප් ළහිරු කුමාර ඒ වගේ කට්ටියට එක දිගට තරග ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුනා. ඒ නිසා මට සහභාගිනොවීම සම්බන්ධව දුකක් නෑ. සතුටුයි.

ජයග්‍රහණය කරලා ලෝකෙ අංක 1 ක්‍රීඩකයින් අපි ගාව ඉන්නේ. ඒ කණ්ඩායමකට ඇතුල් වීමට ලැබුණ එක ගැන මට සතුටුයි. ඒ වගේම කුසල් දික්වැල්ල මෙන්ඩිස් ඔවුන් නවසීලන්ත සංචාරයේදී ඉතා හොඳින් ක්‍රීඩා කළ ක්‍රීඩකයින්. ඒ නිසා ඔවුනට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඒවගේ බැලුවහම මේ වනකොට ලංකාවේ ඉන්න හොඳම ටී-20 ක්‍රීඩකයින් 16 දෙනා තමයි මේ සංචාරයට සහභාගි වෙන්නේ. 

සමුගැනීම

මම හැමදාම කිව්වා සමුගන්න එක මට ප්‍රශ්නයක් නොවෙයි කියලා. මං හැමදාම සමුගත්තේ මට හිතුනු වෙලාවට. ඔබට මම පොඩි දෙයක් කියන්නම්. ඕගොල්ලො හැමෝම ඉන්න නිසා. මොකද ළාබාල ක්‍රීඩකයින් දැන් හොඳට කරනකොට ලොකු ප්‍රශ්නයක් තමයි ලසිත් මාලිංග සමුගන්නේ නැත්තේ ඇයි කියන එක. ළාබාල ක්‍රීඪකයින් ගත්තොත් දසුන් ශාන්ක ෂෙහාන් ජයසූරිය එතකොට ඔය සියළුම ක්‍රීඩකයින් ඔවුන්ගේ ක්‍රීඩා දිවිය ආරම්භ කළේ 2013 වසරේදී ටී-20 වලින්. එතකොට ඔය ඩිෂිෂන් එක මම ඒ දවස්වල ගන්නකොට සියලු දෙනාම මට දෝෂාරෝපණය කළා මගේ පෞදගලික පලිගැනීම් නිසා යම් යම් ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කරනවා කියලා. මං මේ කියන්නේ අවුරුදු 6 කට කළින්. එතකොට දැන් අවුරුදු 6 කට පස්සේ දැන් ඔයාලා තීරණය කරලා තියෙනවා ළාබාල ක්‍රීඩකයින් හොඳයි එයාලා මාලිංගට ත් වඩා හොඳයි කියලා. එතකොට මං හරි සංතෝෂයි ඔගොල්ලෝ අද දකින දේ මං අවුරුදු 6 කට කළින් මගේ දෑසට දැක්කා. මං ඒ තීරණය ගත්තා. ඉතිං ඒ කියන්නේ මම ඔයාලාට වඩා අවුරුද 6 ක ඉස්සරහ දකින්න පුලුවන් ක්‍රීඩකයෙක්. දැක්මක් කියෙන ක්‍රීඩකයෙක් විදියට. අද සාර්ථක නායකයෙක් විදියට මම හිතනවා. ඒ නිසා ඔයාලට වඩා මම ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා මට ඒ ගැන සංතෝෂයි. නමුත් ඔයාලා අද හරි. නමුත් ඒ දේ තේරිම් ගැනීම ගැන ඊටත් වඩා සංතෝෂයි. 

මැතිව්ස් 

අපි හැමෝම දසන්නවා මැතිව්ස් තමයි ලංකාවේ කාලයක් තිස්සේ හොයපු ක්‍රීඩකයෙක්. මං කියන්නේ අද ඊයේ නොවෙයි. තරගයක් අවසානය දක්වා අරරගෙන ගිහිල්ලා ජයග්‍රහණය කරන්න පුලුවන් ක්‍රීඩකයෙක්. ඊට අමතරව අපිට ආවා අසේල ගුණරත්න .අසේල ආබාධයකට ලක් වෙලා ඉන්නවා. මැතිව්ස්පසුගිය කාලය පුරාම යම් යම් අවස්ථාවලදී ආබාධයකටලක් වුණා. දැන් ඔහු ආබාධයෙන් සුව වෙලා තියෙනවා. ඒක නිසා මැතිව්ස්ට ඕනෑම වෙලාවක කණ්ඩායමට ඒමට අවස්ථාව තියෙනවා. තමන්ගේ දක්ෂතාවය අතර ඉඳලා තමන්ට තමන්ට ආබාධ සුව වුණාම පන්දු යවන්නකු විදියට පන්දුවාර 4 ක් යවලා කණ්ඩායමට ඇතුඅළත් වෙමන්න. ඔහුට ඕනෑම වෙලාවක කණ්ඩායමේ 11 දෙනා අතරට එන්න කිසිම අවහිරවීමක් නෑ. ඔහුගේ තියෙන දක්ෂතාවය අපි හැමෝම දන්නවා. ඔහු කොච්චර හොද ක්‍රීඩකයෙක්ද කියන එක. 

 

රොමේෂ් රත්නායක

කොහොමද අභියෝගය ඔස්ට්‍රේලියාවේදි

මම හිතන්නේ ඕනම කෙනෙක් දන්නවා ඔස්ට්‍රේලියාව එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ විශාල අභියෝගයක් කියලා. ඔවුන්ගේ ඕනෑම ලෙවල් එකක ක්‍රීඩා කරනවා කියන්නේ ඉතාමත් අසීරුයි. ක්‍රිකට් ගත්තොත් අවසන් වසර 20 ක පමණ කාලයෙදි ඔවුන් සියළු ආකාරයේ අංශවල හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක්. නමුත් ඒ කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන අපේ කණ්ඩායම ගත්තත් ඔවුන් පාකිස්තානු කණ්ඩායම පරාජයට පත් කළා. ඒ වගේම ලසිත් මාලිංග ඇතුළු තවත් ප්‍රධාන ක්‍රීඩකයින් 4 දෙනෙක් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. ඔව්. ඉතා ශක්තිමත් කණ්ඩායමක් අපිට ඉන්නවා. අපිට විශ්වාසයක් තියෙනවා ඔසට්‍රේලියානුවන්ගේ අභියෝගයට අපිට හොඳින් මුහණ දෙන්න පුළුවන් වේවි කියලා කළින්ට වඩා.