ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සෑම වසරකම ජනවාරි මස වසරේ විශිෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනමන සම්මාන දිනාගත් නාම ලේඛණය අද (22) ප්‍රකාශයට පත් කලා. ඒ අනුව පසුගිය වසරේ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා සැළකිල්ලට ගෙන මෙම ලේඛණය සකස් කර ඇතැයි සඳහන්.
මේ අතර ශ්‍රී ලංකාවේ ගෞරවය ලෝකයට රැගෙන යාමක් ලෙස හැඳින්වීමට හැකි සම්මානයක් අප රටට ලැබී තිබේ. එනම් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ඨතම විනිසුරුවරයාට හිමිවන ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය කුමාර ධර්මසේන දිනා ගැනීමත් සමඟය. ඔහු මෙම සම්මානයට පාත්‍ර වූ දෙවන අවස්ථාව මෙයයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඩුල්ල නියෝජනය කරන ධර්මසේන මහතා මීට පෙර 2012 වසරේදීද විශිෂ්ටතම ක්‍රිකට් විනිසුරුවරයා ලෙස සම්මාන ලැබීය.
“මෙම වසර මම ගොඩක් තෘප්තිමත් වසරක්, ඒ වගේම මෙම සම්මාන ලැබීම විශාල ගෞරවයක් වගේම වරප්‍රසාදයක්. මේ සම්මානය මට ලැබුණේ මම ඒක මුලින් දිනාගත්තාට වසර 6 කට පස්සේ. මේ මගින් මා ඉතාමත් ඇලුම් කරන කාර්යය තව තවත් හොඳින් කරන්න මට ධෛර්යය සපයනවා”
“මා හැමදාමත් ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ඇලුම් කළා. ක්‍රීඩකයෙක් වගේම විනිසුරුවරයෙක් වශයෙනුත්. ඉතින් මා ඉදිරියේදී මටම අභියෝග කරමින් තව තවත් ඉදිරියට යන්න උත්සාහ කරනවා. කොහොම වුණත් මේ වෙලාවේදී මගේ බිරිඳට වගේම දරුවන්ටත් බොහෝ ස්තුති කරන්න මම කැමතියි. බිරිඳ හැම වෙලාවෙම මට ශක්තියක් වුණා වගේම මාව හොඳින් තේරුම් ගත්තා.”
“විනිසුරු දිවියට මට මඟ පෙන්වූ, මගේ උපදේශක, පීටර් මැනුවෙල් මහතාත් අමතක කළ නොහැකියි. ඒ වගේම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනෙකුත් උපදේශකවරුන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අයටත් මා ස්තුතිවන්ත වෙනවා. ඔවුන් නොසිටින්න මට මේ තරම් දුරක් එන්න වෙන්නේ නෑ”යයිද කුමාර් ධර්මසේන මහතා පැවසීය.
මෙහිදී වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට පිරිනමන සර්.ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය , වසරේ විශිෂ්ඨතම ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ වසරේ විශිෂ්ඨතම එක්දින ක්‍රීඩකයාට හිමි සම්මාන තුනම දිනා ගන්නට විරාට් කෝලි සමත් වූවා.
ICC ක්‍රිකට් සම්මාන
ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කරන ලද වසරේ විශිෂ්ඨතමයින් ගේ සියළු තොරතුරු විකීපිඩීයා වෙබ් පිටුවට පිවිස ලබා ගන්න. 2004 ~ 2018 දක්වා.
https://en.wikipedia.org/wiki/ICC_Awards#2018_awards