අයි.සී.සී. විනිසුරු ගස් නගියි….


කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබේ. එරට කොරෝනා රෝගින් දිනකට විසිදහසකට වඩා පසුගිය දින කිහිපයේදී හමුවිය. මේ හේතුවෙන් සම්බන්ධතා ඇන හිට තිබෙන මොහොතක ඉන්දියානු ජාත්‍යන්තර ක‍්‍රිකට් විනිසුරුවරයකු වන අනිල් චෞද්රි දුරකතන සන්නිවේචන ගැටලූ හේතුවෙන් ගසක් උඩ නැග සිටින අයුරු ඉන්දියානු මාධ්‍යයේ සඳහන් කර තිබුණි.
55 හැවිරිදි අනිල් චෞද්රි ඉකුත් මාර්තු මස 15 වැනිදා සිය උපන් ගම වන උත්තර් ප‍්‍රදේශය බලා ගොස් ඇත. නමුත් රටම අඟුලූ දැමීම හේතුවෙන් ඔහුගේ වත්මන් පදිංචි ස්ථානයට පැමිණීමට නොහැකි වීමෙන් සන්නිවේදන කටයුතුද ඇන හිටි තිබේ. ඒ අනූව ගසක් උඩ නැග යම් කිසි දුරකතන සංවාදයක යෙදෙන අයුරු කාගෙත් කතා බහට ලක් විය.
ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග 35 කට පමණ විනිසුරුවරයකු ලෙස සේවය කර ඇති අනිල් පිටිය මැද ප‍්‍රධාන විනිසුරුවයකු වශයෙන් ජාත්‍යන්තර තරග 20 කට දායක්තය ලබාදී ඇත. මීට අමතරව අයි.පී.එල්. තරග රාශියකද විනිසුරුවරයකු වශයෙන් ඔහු සේවය කර තිබේ.