අයි.සී.සී.ය සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගොළුවෙන අවිශ්ක ගුණවර්ධනගේ හෙළිදරව්ව

2011 ක‍්‍රිකට් ලෝක කුසලාන පාවාදුන් බවට මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශයෙන් පසුව පරීක්ෂණ පවත්වා සියල්ල නිදොස් කොට නිදහස් කිරීමට ගත වුයේ සති දෙකකටත් වඩා අඩු කාළයකි. නමුත් 2017 වසරේදි කාටත් හොරා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමක් සාජා යැවු ක‍්‍රිකට් නිලධාරීන් ගැන තවමත් කිසිම පරීක්ෂණයක් නොමැත. ඒ තරගාවලියේ ලැබුණු කෝටි ගණන් ගිල්ල බහිරවයා ගැන හොයන්නට ක‍්‍රීඩා ඇමැතිවරුන්ට කොන්දක් නොතිබීමද මෙරට ක‍්‍රීඩාවේ එක්තරා කරුමයකි. මේ අවිශ්ක කරන ඒ හෙළිදරව්වයි.
ප‍්‍රශ්නය : ඔබට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය චෝදනා කරලා තියෙනවා යම් කිසි සිදුවීමක් සම්බන්ධව. ඔබ ඊට විරුද්ධව හඩ නැගුවත් දැන් නිහඩ වෙලා ඉන්නෙ ඇයි?
පිළිතුර : මම නිහඩ වෙලා නැහැ. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එකයි තමයි නිහඩ වෙලා තියෙන්නෙ. කලින් හිටපු ක‍්‍රීඩා ඇමැතිතුමාටත් මම පරීක්ෂණයක් දෙන්න කියලා ඉල්ලීමක් කළා. දැනට මාස 14 ක් වෙනවා මට තාවකාලික තහනමක් පනවලා. මට පුහුණුකරුවකු විදිහට වැඩ කරන්නත් බැහැ. මම කියන්නෙ සාක්කි තියෙනවනම් මම කරපු වරද මොකද්ද කියලා පරීක්ෂණයක් තියලා මේක ඉවර කරන්න කියලා. නමුත් කවුරුවක්වත් පරීක්ෂණයක් තියන්නෙ නැතිව මග හරින එක තමයි මට තියෙන ප‍්‍රශ්නය.
ප‍්‍රශ්නය : අයි.සී.සී. ය ඔබට චෝදනා කරලා තියෙන්නෙ විදෙස් තරගාවලියකදී යම් කිසි සිදුවීමක් සම්බන්ධව. ඇත්තටම මොකද්ද ඒ චෝදනාව
පිළිතුර : මේ චෝදනා පත‍්‍රය මට එන්නේ 2017 ටී 10 තරගාවලිය සම්බන්ධව. ඔය තරගාවලිය තිබුණෙ සාජාවල. මේ චෝදනා පත‍්‍රය මට දෙන්නේ 2019 වසරෙදි. ඔය කියන ටී. 10 තරගාවලියට අයි.සී.සී.ය අනුමැතිය ලබා දීලත් නැහැ. ඒක අයි.සී.සී. අනුමැතිය නැතිව ක‍්‍රීඩා කරපු තරගාවලියක්. එතකොට අයි.සී.සී.යට කිසිම අයිතියක් නැහැ මට චෝදනාවක් එවන්න. මට තියෙන චෝදනාව යම් කිසි පුද්ගලයකු මා සමග කතා කරා ඒක අයි.සී.සී.යට වාර්තා කළේ නැහැ කියලා. එහෙම නැතිව තරග පාවාදීමක්වත් වෙන එකක්වත් නෙමෙයි. අයි.සී.සී.ය කියන කතාව මම දන්නෙ නැහැ.
ප‍්‍රශ්නය : ඔබ කියන්නෙ අයි.සී.සී.යේ අනුමැතිය නැති තරගාවලියක් වුණත් ඒක ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තමයි කණ්ඩායම නම් කළේ. ඒ තරගාවලියට ක‍්‍රීඩකයන් මෙන්ම නිලධාරීන් සහභාගි වුණේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග තියෙන කොන්ත‍්‍රාත්තුව නිසා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයි.සී.සී.යට බැඳිලා තියෙන්නෙ.
පිළිතුර : අනිවාර්්‍යයෙන්ම අපි ගියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අපිට යන්න කියපු නිසා. නමුත් ඔය කියන තරගාවලිය පෞද්ගලික තරගාවලියක්. අපිට තියෙන්නෙ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කියන එක කරන්න විතරයි. මේ තරගාවලියට සහභාගි වෙච්ච කණ්ඩායමට එවකට සිටි ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර අනුමැතිය ලබාදීලත් නැහැ. එයා ඒක කියනවා. ලංකාවේ ක‍්‍රීඩා පනතේ තියෙනවා ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය නැතිව කිසිම තරගාවලියකට සහභාගී වෙන්න බැහැ කියලා. 2011 ලෝක කුසලාන තරගාවලියේදීත් ඔය කියන ප‍්‍රශ්නය ආවාම ඒක පැහැදිලිව ඔප්පු වුණා. ඉතිං මම කියන්නෙ මේක අපේ වරදක් නෙමෙයි. මේකට පරීක්ෂණයක් තියලා සත්‍ය පෙන්වන්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පස්ස ගහනවා. එවකට හිටපු ක‍්‍රීඩා ඇමැතිලත් මේ සම්බන්ධව අවධානය යොමු කළේ නැහැ.
ප‍්‍රශ්නය : ඔබට චෝදනාව එවලා තියෙන්නෙ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයටද
පිළිතුර : මට මේ කියන චෝදනා පත‍්‍රය එවලා තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දුෂණ මර්ධන ඒකකයට. මම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දුෂණ මර්ධන ඒකකයට සහ අයි.සී.සී. ¥ෂණ මර්ධන ඒකකයට බැදිලා ඉන්නෙ. ඉතිං අයි.සී.සී.ය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට චෝදනා පත‍්‍රය එවලා වැඩක් නැහැ. ඒ අයට අයිතියකුත් නැහැ. හැබැයි මම එක්සත් අරාබී එමීර් රාජ්‍යයට බැදුනෙ කොහොමද කියලා මමවත් දන්නෙ නැහැ. චෝදනා පත‍්‍රය එවන්නේ අයි.සී.සී.යෙනුත් නොවෙයි.
ප‍්‍රශ්නය : ක‍්‍රීඩා ඇමැතිගෙ අනුමැතිය නැතිව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමක් යවනවා. ඔය තරගාවලිය නියෝජනය කරන්නෙ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයන්. ඔබ ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු. පෞද්ගලික තරගාවලියකට සහභාගී වෙනවා කියලා දැනගෙන හිටියෙ නැද්ද?
පිළිතුර : සාමාන්‍යයෙන් ඕනෑම තරගාවලියකට යන්න ඉස්සල්ලා ගිවිසුමක් අත්සන් කරනවා. නමුත් මේ තරගාවලියේදී කිසිම ගිවිසුමක් නැහැ. අපි මේ තරගාවලියට සහභාගී වෙන්න ගියාම එහෙ හිටිය ව්‍යාපාරිකයන් දෙන්නෙක් ඇවිල්ලා කිව්වා ටීම් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අයිතිකරුවන් අපි කියලා. අපි තමයි දිනේෂ් චන්දිමාල්ව නායකත්වයට පත්කළේ කියලා කිව්වා. ඔවුන් එරට මාධ්‍යයටත් කිව්වෙ චන්දිමාල්ව නායකයා කළේ ඔවුන් කියලා. ඒ පත්තර මා ළඟ තියෙනවා.
මම අහන්නෙ ලංකාවෙන් ගිය කණ්ඩායමකට ඒ අ ය කොහොමද නායකත්වය පත්කරන්නෙ. ඔය ප‍්‍රශ්න මාලාව අයි.සී.සී.යෙන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලින් මම අහලා තියෙනවා. අපි ඉල්ලන්නෙ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් දෙන්න. 2011 ආපු චෝදනාවට සුමාන දෙකක් ඇතුළත කතා කරලා ඉවර කළා. මාස 14 ක් පුරා අපිට චෝදනා පත‍්‍රයක් නිසා තහනමක් කරලා තියෙනවා. අද වෙනකම් කිසිම පරීක්ෂණයක් තියන්නෙ නැතිව මේ කරන එක ලොකු අසාධාරණයක්.
ප‍්‍රශ්නය : අයි.සී.සී.ය ලෝකයට කිව්වා ¥ෂිතම ක‍්‍රිකට් තියෙන්නෙ ශ‍්‍රී ලංකාවේ කියලා. හැබැයි කරපු වරදක් තවම නැහැ. ක‍්‍රීඩා ඇමැතිවරු සහ ක‍්‍රිකට් නිළධාරීන් අයි.සී.සී. කියන දේ අහගෙන සද්ධ නැතිව ඉන්නවා. මේක යට මොකක් හරි තියෙනවද?
පිළිතුර : අපේ ක‍්‍රිකට් ආයතනය හෝ ක‍්‍රීඩා ඇමැති හෝ අහන්න ඕන මේ සම්බන්ධව. යමක් ඔප්පු නොකර චෝදනා කරන එක වැරදියි කියලා ඒ අය පෙනී ඉන්න ඕන. නමුත් එහෙම දෙයක් මෙතන වෙන්නෙ නැහැ. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ¥ෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරීන් මාස 10 ක් ලංකාවේ හෝටලයක නැවතිලා කාලා බීලා යන්න ගියා. කරපු පරීක්ෂණයකුත් නැහැ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒ ගැන හොයන්නෙත් නැහැ.
ප‍්‍රශ්නය : ඔය කියන ටී 10 තරගාවලිය පෞද්ගලික තරගාවලියක්. එහෙනම් ක‍්‍රීඩකයන්ව වෙන්දේසි කරන්න ලොකු මුදලක් ඔවුන් වියදම් කරනවා. එහෙම දෙයක් වුණාද?
පිළිතුර : කිසිම වෙන්දේසියක් වුණේ නැහැ. කණ්ඩායම නම් කළේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන්. දැන් ක‍්‍රිකට් විධායක නිළධාරීන් ඈෂ්ලි ද සිල්වා තමයි ඒකට අත්සන් කළේ. සභාපති හිටියෙ තිලංග සුමතිපාල. ඔය තරගාවලියේ අයිතිකරු සාජි අල් මල්ක් කියන තනි පුද්ගලයෙක්. හැබැයි එවකට හිටි ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්බ්‍රෝයිගෙන් මම ඇහුව්වා මේ කණ්ඩායම නම් කළේ තේරීම් කමිටුවෙන්ද කියලා. එයා කියනවා කණ්ඩායම තේරුවෙත් නැහැ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එක එයාගෙන් එහෙම කණ්ඩායමක් තොරන්න කියල ඉල්ලීමක්වත් කරලා නැහැ කියලා. මට තියෙන ප‍්‍රශ්නය මේ කණ්ඩායම තේරුවේ කවුද? රටක් වශයෙන් තරගාවලියට ගියේ අපේ රට විතරයි. අනිත් කණ්ඩායම් එක් එක් අයිතිකරුවන්ගෙ කණ්ඩායම්.
ප‍්‍රශ්නය : ඒ සිදුවිමෙන් ඔබේ කීර්තිනාමයට සහ රටටත් යම්කිසි හානියක් සිදුවුණා. ඉදිරියේදී ඔබ සත්‍ය ජය අරගෙන පෙන්වීමට සුදානම්ද?
පිළිතුර : මට තේරෙන්නෙ නැහැ මේකට මොකද කරන්නෙ කියලා. කවුරුත් පරීක්ෂණයක් දෙන්නෙ නැතිව බ්ලොක් කරනවා. අයි.සී.සී.යට ඔප්පු කරන්න කොළ කෑල්ලක්වත් නැහැ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලටත් කිසිම ලියකියවිල්ලක් නැහැ. මම අවුරුදු දහයක් ලංකාවට ගහපු ක‍්‍රීඩකයන්. සංගලා මහේලලා වගේ අපිත් ක‍්‍රීඩකයන් කියලා තමයි මම කියන්නෙ. ඉතිං ඒ අයට ආපූ චෝදනාවට සති දෙකකින් පරීක්ෂණ තියලා ප‍්‍රශ්නය ඉවර කළා වගේ මේ ප‍්‍රශ්නය ඉවර කරන්න බළධාරීන් ඉදිරිපත් වෙන්නෙ නැහැ. මම ජනාධිපතිතුමාටත් ලිපියක් යැව්වා. නමුත් ඒක ජනාධිපතිතුමා බලලද දන්නෙ නැහැ. දැන් ඉන්න ක‍්‍රීඩා ඇමැතිවරයා සහ ලේකම්වරයාටත් මම මේ සම්බන්ධව පැමිණිලි කරනවා. ක‍්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් විමර්ෂණ ඒකකයට මේ ප‍්‍රශ්නය ගෙනිච්චනම් වැරදිකරලා තියෙන කට්ටියව ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්. නමුත් හැමෝම කට්ටි පනිනවා.
ප‍්‍රශ්නය : ඔබ ක‍්‍රීඩා කරන කාලයේ හෝ ඊට පසුව බුකී කරුවන්ගෙන් යෝජනා ඇවිල්ලා නැද්ද?
පිළිතුර : අනිවාර්්‍යයෙන් අද වෙනකම් කවුරුවත් එහෙම කතා කරලා නැහැ. අපි කෙළින් වැඩ කරන මිනිස්සු. එහෙම දෙයක් වුණානම් පැමිණිලි කරනවා.
ප‍්‍රශ්නය : ඔබ පුහුණුකරුවකු ලෙස ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හොඳ තැනකට ගෙන එමින් සිටියා. විටෙක ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරත් ඔබට ලබාදිය යුතුයි කියන පිරිසක් හිටියා. දැන් මේ සිදුවීමත් එක්ක ඒ සියල්ලම විනාශ වුණා නේද?
පිළිතුර : මට හිතන්න වෙන දෙයක් නැහැ. මම අවුරුදු 14 ක් පුහුණුකරුවකු වශයෙන් කටයුතු කළා.. එස්.එස්.සී. ක‍්‍රීඩා සමාජයේ ප‍්‍රධාන පුහුණුකරු වුණා. ඊට පස්සෙ කොළඹ රාජකීය විදුහලේ ප‍්‍රධාන පුහුණුකරු වුණා. පළාත් කණ්ඩායම්වල පුහුණුකරු තනතුර දැරුවා. ඊට පස්සෙ තමයි‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු වුණේ. මගේ අවුරුදු තුනහමාරටම එක තරගාවලියයි ‘ඒ’ කණ්ඩායම පරාජය වුණේ. මම පැරෂුට් එකෙන් ආපු පුහුණුකරුවෙක් නෙමෙයි. පියවරෙන් පියවර මම උඩට ආවේ මගේ දක්ෂතාව නිසා. නමුත්දැන් දැන් මාස 14 ක් පුරා මට මේ චෝදනාවක් දාලා පරීක්ෂණ තියන්නෙ නැති හිරකරලා තියන එක තමා පුදුම.