කායවර්ධන නිලවරණය කොයිබටද?

වසර දෙකකට ආසන්න කාලයක් පුරා විවිධ අර්බුද හේතුවෙන් නිලවරණය පැවැත්වීමට නොහැකිව ඇති ශ‍්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලවරණය මෙම වසරේ නියමිත දිනට පෙර පැවැත්වීමේ වගකීම ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගැසට් නිවේදනයක් මගින් හිමිව තිබේ.
ඒ අනූව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසුරිය මහතා විසින් කායවර්ධන නිලවරණය පැවැත්වීම සඳහා නිලවරණ කමිටුවක් පත්කොට නාම යෝජනා කැඳවමින් අදාළ නිලවරණයට අවශ්‍ය කර්තව්‍යයන් සිදුකිරීමට නියමිතව තිබේ. උද්ගතවී ඇති තත්ත්වය අනූව වසර දෙකකින් පැවැත්වීමට නොහැකි වු කායවර්ධන නිලවරණය ලබන සැප්තැම්බර් මාසය වන විට පැවැත්වීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.
විවිධ හේතූන් හුවා දක්වමින් මීට පෙර පෙර නිලවරණය පැවැත්වීම සඳහා පත්කර තිබු කායවර්ධන අතුරු කමිටුවේ සාමාජිකයෝ සියලූ දෙනාම ඉල්ලා අස් වූහ. හිටපු කායවර්ධන සම්මේලනයේ ප‍්‍රධානියකු විසින් කර ඇති මූල්‍ය වංචා කිහිපයක්ම යට යෑම සහ ඒ සම්බන්ධව පරීක්ණ කිරීම වෙනුවෙන් අදාළ අතුරු කමිටුව පත්කරන ලදී.
කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම් නිහාල් වීරතුංග මහතා විසින් අදාළ ¥ෂිතයන් කවුරුන්ද යන්න ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීන් දැනුවත් කර ඇති අතර හිටපු අතුරු කමිටුවටද අදාළ නිළධාරීන් විසින් බැන තර්ජනය කර කිරීම හේතුවෙන් එම අතුරු කමිටුව ඉල්ලා අස්ව තිබේ. එම තර්ජනය සම්බන්ධව පොලිස් පැමිණිල්ලක්ද ලැබි ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
ලබන 2021 වසරේදී කායවර්ධන ලෝක ශූරතාවලියේ සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට හිමිව ඇති අතර මේ වන විට අතුරු කමිටුවක් හෝ නොමැති වීමෙන් කායවර්ධන සම්මේලනය අයාලේ යන බව ‘දිවයින’ විසින්ද වාර්තා කරන ලදී. නමුත් ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වයට සුදුසුකම් ලබා ඇති මොහොත නීත්‍යානුකූල නිල මඩුල්ලක් පත්කිරීමේ වගකීම ක‍්‍රීඩා අමාත්‍යාංශය හට පැවරී තිබේ.
කෙසේ වෙතත් 2017වසර් පැවැති කායවර්ධන කමිටුවේ ප‍්‍රධානියකුවිසින් එම වසරේ පැවැත්වූ මිස්ටර් ශ‍්‍රී ලංකා තරගයේ සහතිකපත් මුද්‍රණයට රුපියල් ලක්ෂ හයකට වැඩි මුදලක් වියදම්ව ඇති බව සඳහන් වුවත් එම රිසිට්පත උගස් භාණ්ඩ මිළදී ගන්නා ආයතනයක එකක් බව හිටපු භාණ්ඩාගාරිකවරයකු විසින් ක‍්‍රීඩා අමාත්‍යාංශයට වාර්තා කර තිබේ.
විවිධ කඹ ඇදිලි හේතුවෙන් කායවර්ධන නිලවරණය පැවැත්වීමට නොහැකි වීම මත නවක ක‍්‍රීඩා සමාජවලට සාමාජිකත්වය ලබාදීම මෙන්ම තරගාවලි පැවැත්වීමද දුෂ්කර කර්තව්‍යයක් වී තිබේ. ඒ අනුව ¥ෂිත පාලකයන්ට මෙවර නිලවරණයට ඉදිරිපත් විය හැකිද නැද්ද යන්න කායවර්ධනය සඳහා පත්කරන නිලවරණ කමිටුව විසින් තීරණය කරමින් නිලවරණය පැවැත්වීමට ක‍්‍රියා කරනු ඇතැයි විශ්වාස කෙරේ.