කෝලිලා සහ චන්දිමාල්ලා ඊඩ්න් ගාර්ඩන් තණතීරුව විපරම් කරති

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය 16 දා කොල්කටා ඊඞ්න් ගාර්ඞ් හිදී ආරම්භ වන අතර ඒ වෙනුවෙන් ලක ලැහැස්ති වන තණතීරුවේ තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ පුහුණුකාර්ය මඩුල්ල අද (14 දා) ඊඞ්න් ගාර්ඞ් ක‍්‍රීඩාංගණය වෙත ගොස් තිබේ.

තණතීරුව නිරීක්‍ෂණය කිරීම සඳහා චන්දිමාල් සමග ප‍්‍රධාන පුහුණුකරු නික් පෝතාස්, පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර, පන්දු යැවීමේ පුහුණුකරු රොමේෂ් රත්නායක සහ ක‍්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහද ඊඩ්න් ගාර්ඩන් කී‍්‍රඩාංගණයට ගොස් තිබේ.

අනතුරුව ඉන්දියානු නායක විරාට් කෝලි, උපනායක අජින්කෙයා රහනේ සහ පුහුණුකරු රවී ශාස්ත‍්‍රිද ඊඩ්න් ගාර්ඩන් තණතීරුව නිරීක්‍ෂණය කර තිබේ.