ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගේඅවසන් පූර්ව වටයේ බලාපොරොත්තු වැටඋඩ

ශ්‍රී ලංකා වයස 19න් පහල කණ්ඩායම සහ පකිස්තාන් වයස 19 න් පහල ක්‍රීඩකයන් අතර අද පැවැති ක්‍රිකට් තරඟයෙන් පකිස්ථාන කණ්ඩායම ඉතා තියුණු ජයක් ලබා ගත්තේය. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 141 (49.4 පන්දු වාර ), ඊට පිළිතුරු වශයෙන් පකිස්තාන් කණ්ඩායම පන්දු වාර 32.1 තුලදී කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අශේන් බණ්ඩාර ලකුණු 49 ලබා තිබිණි. පන්දු යැවීමේදී මුනීර් රියාස් ලකුණු 30 කට කඩුලු 3 ක් සහ මොහොමඩ් මුසා ලකුණු 25 කට කඩුළු 3ක් ලබා ගත්තේය. පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් රොහෙල් නසීර් ලකුණු 48 ක් ලබා ගත අතර , ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 28 කට කදුළු 4ක් බිඳ හෙළිය. ශ්‍රී ලංකාවට අවසන් පුරවා වටයට පිවිසීමට නම් හෙට පැවැත්වෙන ඇෆ්ගනිස්ථානය හා අරාබි කණ්ඩායම අතර තරඟය අනුව තීරණය වේ.