LPL කලින් ශූරයෝ කලින්ම අවසන් සටනට

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ (එල්පීඑල්) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට  ජැෆ්නා කිංස් (Jaffna Kings) කණ්ඩායම සමත් වී ඇත්තේ (ශුද්ධ ලකුණු වේගය 2.389) අවසන් පූර්ව වටයේ ස්ථානයද ස්ථිර කර ගනිමිනි. මේ අතර ඊයේ කැන්ඩි වොරියර්ස් (Kandy Warriors) ට ලබා ගැනීමට හැකිව තිබූ 2වැනි ජයග්‍රහණය කළම්බු ස්ටාර්ස් (Colombo Stars) කණ්ඩායමේ චන්දිමාල් සහ සීක්කුගේ ප්‍රසන්නගේ දරුණු පුහාර හමුවේ ගිලිහී ගියේය.
සීක්කුගේ පන්දු 6කින් ලකුණු 32කුත් චන්දිමාල් පන්දු 27කින් ලකුණු 44ක්ද ලබා ගනිමින් දියත් කළ පිති ප්‍රහාරය එල්පීඑල් වාර්තා වෙනස් කිරීමට සමත් වූ අතර ඊයේ පැවැති අනෙක් තරගයේදී දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants)ට එරෙහිව ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gliators) කණ්ඩායම ලකුණු 9ක ජයක් වාර්තා කළේය. ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 7ක් ලබා ලකුණු සටහනේ 2වැනි තැනට පැමිණ ඇත්තේ ශුද්ධ ලකුණු වේගය -0.019 කි.

ලකුණු සටහනේ 3වැනි ස්ථානයේ සිටින දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants) කණ්ඩායම සහභාගී වූ තරග 7න් 3ක් ජයග්‍රහණය කරමින් (එක් තරගයක් වැස්ස හේතුවෙන් විසඳුමකින් තොරව) ප්‍රසාද ලකුණු 7 ක් සමඟ ශුද්ධ ලකුණු වේගය -1.125 ක් රඳවාගෙන සිටින අතර ලකුණු සටහනේ 4වැනි ස්ථානයේ පසුවන්නේ
කළම්බු ස්ටාර්ස් (Colombo Stars) කණ්ඩායමයි.
ඔවුන් ඊයේ ලද ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 6ක් සහිතව -0.384 ක ශුද්ධ ලකුණු වේගයක් රඳවා ගෙන ඇත. මෙතෙක් සහභාගී වු තරග 6න් 1ක් පමණක් ජයගත් කැන්ඩි වොරියර්ස් (Kandy Warriors) කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් සහ ශුද්ධ ලකුණු වේගය -0.465 ක් සමඟින් 5වැනි ස්ථානයේත් පසුවෙයි.
තරගාවලියේ තවත් තරග 2ක් හෙට (16දා) පැවැත්වෙන්නේ ජැෆ්නා කිංස් (Jaffna Kings) – කළම්බු ස්ටාර්ස් (Colombo Stars) අතර හා දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants) – කැන්ඩි වොරියර්ස් (Kandy Warriors) යන කණ්ඩායම් අතරයි.