ජ්‍යෙෂ්ඨයෝ නැතිව 10 වසරකට පසු යන පාකිස්තාන් ගමන


පාකිස්තානයේ තරග කිරීම අනාරක්ෂිත බව ලෝකයේ බොහෝ රටවල් පැවසුවද වසර දහයකට පසුව එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සදහා ශ‍්‍රී ලංකා පිල අද පාකිස්තානය බලා පිටත්විය. ආරක්ෂිත තත්ත්වය හුවා දක්වමින් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දහ දෙනකු නොමැතිව ශ‍්‍රී ලංකා පිල ක‍්‍රිකට් ආයතනයේ පැවැති ආගමික වතාවත්වලින් පසුව තරගාවලියට පිටත් විය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට ඉතාමත් සුබවාදීව මුහුණ දීමට සූදානම් බව කණ්ඩායම් නායක ළහිරු තිරිමාන්න පවසයි. ‘‘අපි පාකිස්තානයට යන්න බිය විය යුතු නැහැ. ඔවුන් ආරක්ෂාව සහතික කරලා තියෙනවා. මට දීලා තියෙන කණ්ඩායම ඉතාමත් සමබරයි. අපි පසුගිය කාලයේ ඉතාමත් හොඳ පුහුණුවීම් සැසිවලට සහභාගි වුණා. මේක හැම කෙනාටම හොඳ අවස්ථාවක්.’
ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දස දෙනකු තරගාවලියට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කරද්දී ළහිරු තිරිමාන්නට එක්දින කණ්ඩායමේ නායකත්වයද දසුන් ශානක විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයද ලබාදීමට ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළ අතර එහිදී විස්සයි විස්ස තරගාවලියට සහභාගි වන කණ්ඩායමට ළහිරු තිරිමාන්න වෙනුවනට ළහිරු මධුෂංකව ඇතුළත් කර තිබේ.
2009.03.03 ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා පිලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ පැවැත්වෙන දීර්ඝතම ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය වශයෙන්ද මෙය හැඳින්වේ. ප‍්‍රභූ ආරක්ෂාවක් මධ්‍යයේ ශ‍්‍රී ලංකා පිලට ඉහළම ආගන්තු සත්කාර කිරීමට පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇති අතර ශ‍්‍රී ලංකා පිල දින 15 ක කාලයක් පාකිස්තානයේ රැුදී සිටිනු ඇත.
ශ‍්‍රී ලංකාව අවසන් වරට පාකිස්තානයේදී එක්දින තරගාවලියකට සහභාගී වී ඇත්තේ 2009 වසරේ ජනවාරි මාසයේදීය. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය 2-1 ක් වශයෙන් ජය ලැබු අතර අනතුරුව පැමිණි ටෙස්ට් තරගාවලිය අතරතුරදී ලාහෝර් නගරයේදී ශ‍්‍රී ලංකා පිලට ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල විය. ඊට පසුව ශ‍්‍රී ලංකාව 2017 වසරේදී පාකිස්තානයේදී එක් විස්සයි විස්ස තරගයකට සහභාගි විය.
දෙරට මුණ ගැසුන එක්දින තරග ඉතිහාසයේ අවස්ථා 153 කින් 90 වරක්ම ජය ගැනීමට පාකිස්තානය සමත් වෙද්දී ශ‍්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 58 ක් පමණි. පළමු එක්දින තරගය අනිද්දා (27 දා* පැවැත්වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම
ළහිරු තිරිමාන්න (නායක), මිනෝද් භානුක, අවිශ්ක ප‍්‍රනාන්දු, ඕෂධ ප‍්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, වනි\ු හසරංග, ෂෙහාන් ජයසුරිය, ළහිරු කුමාර, ඇන්ජලෝ පෙරේරා, නුවන් ප‍්‍රදීප්, කසුන් රාජිත, සධීර සමරවික‍්‍රම, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක, ඉසුරු උදාන
පාකිස්තාන් එක්දින කණ්ඩායම
සර්ෆාස් අහමඞ් (නායක), බාබර් අසාම්, අබිඞ් අලී, අසීෆ් අලී, ෆාකර් සමාන්, හාරිස් සොහෙල්, මොහොමඞ් හස්නන්, ඉෆ්තිකාර් අහමඞ්, ඉමාඞ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඞ් අමීර්, මොහොමඞ් නවාස්, මොහොමඞ් රිස්වාන්, සහදබ් ඛාන්, උස්මන් ඛාන්, වහබ් රියාස්
තරග කාල සටහන
සැප්තැම්බර් 27 – පළමු එක්දින තරගය (කරච්චි)
සැප්තැම්බර් 29 – දෙවැනි එක්දින තරගය (කරච්චි)
ඔක්තෝම්බර් 02 – තෙවැනි එක්දින තරගය (කරච්චි)
ඔක්තෝම්බර් 05 – පළමු විස්සයි විස්ස තරගය (ලාහෝර්)
ඔක්තෝම්බර් 07 – දෙවැනි විස්සයි විස්ස තරගය (ලාහෝර්)
ඔක්තෝම්බර් 09 – තෙවැනි විස්සයි විස්ස තරගය (ලාහෝර්)